FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශානි අබේසේකරගේ සහ රවී සෙනවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉකුත් ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ වර්‍තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරු සම්බන්ධයෙන් සිදුකළ විමර්‍ශන තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන්දෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව අදාල පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්‍ධන විසින් රුපියල් 50000 ක් බැගින් සහ අදාල විමර්‍ශනය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ එවක ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා විසින් රුපියල් දස දහස බැගින් පෙත්සම්කාර ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනවලට අදාළව තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණය සමයේ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න යන මහත්වරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. .

Google AdSense

In-Article Ad