FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

දළදා කරඬුව මාරු කිරීම ගැන මා දැනුවත් නෑ..- පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින වසර දෙසීයකට වැඩි ඉතිහාසයක් ඇති රන් ආලේපිත කරඬුව වෙනුවට රත්තරන් පුරාවස්තුවක් වූ කරඬුවක් භාවිත කිරීම සම්බන්ධයෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් කර නැතැයි පුරාවිද්‍යා දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ පැවැසීය. මේ සම්බන්ධයෙන් “අරුණ” පුවත්පත කළ විමසීමකදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසූයේ, 1940 පුරාවිද්‍යා ආඥා පනතට අනුව, දළඳා කරඬුව පුරාවස්තුවක් ලෙස නම් කර ඇති බවයි. එමෙන්ම දළදා මාලිගාව යුනෙස්කෝ සංවිධානය විසින් නම් කර ඇති ලෝක සංස්කෘතික උරුමවලින් එකකි. එබැවින් මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්‍ග මොනවාද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවද අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් පැවැසීය. දළදා වහන්සේ වැඩ සිටි රන් ආලේපිත කරඬුව වෙනුවට මුළුමනින්ම රත්තරන්වලින් සාදන ලද මෙම නව රන් කරඬුව පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස පූජා කර ඇත. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඇතුළු අවශේෂ පූජා භාණ්ඩ මෙම නව රන් කරඬුව තුළ තැන්පත් කිරීමට කටයුතු කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්න මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ අතර මෙතෙක් පැවැති රන් ආලේපිත කරඬුව ශ්‍රී දළදා මාලිගාවේම විශේෂිත ස්ථානයක සුරක්ෂිතව තැන්පත් කිරීමට ද තීරණය වී ඇත. මෙය දෙවන විමලධර්‍මසූරිය රජ සමයේ නිර්‍මාණය කිරීමේ කටයුතු ආරම්භ කර, කීර්‍ති ශ්‍රී රාජසිංහ රජ සමයේ පූජා කෙරුණු කරඬුවක් බව ඓතිහාසික

Google AdSense

In-Article Ad