FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

GM ඉවත් කරන්නැයි දුම්‍රිය වර්‍ජනයක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්‍රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර (14) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති නායකයෝ මේ බව නිවේදනය කළහ. මෙම සාකච්ඡාවේදී දුම්‍රිය දෙපාර්‍තමේන්තුව තුළ පවතින පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු, සේවක ගැටලු මෙන්ම මගී ජනතාව මුහුණ දෙන අපහසුතා රැසක් පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් කරුණු පැහැදිලි කර ඇත. වත්මන් දුම්‍රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනය කෙරෙහි තමන්ට තවදුරටත් විශ්වාසයක් නොමැති බැවින්, ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීම සිය ප්‍රධාන ඉල්ලීම බව ඔවුහු එහිදී අවධාරණය කළහ. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්‍ගය රජයට විරෝධය දැක්වීමක් නොව, කාර්‍යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් ස්ථාපිත කරමින් මගී ජනතාවට ඉහළ සේවාවක් සැපයීම සහ දුම්‍රිය දෙපාර්‍තමේන්තුව යළි නඟාසිටුවීම එහි මූලික අරමුණ බව ද වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.

Google AdSense

In-Article Ad