
22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..
FM Heart · 9 min read
Google AdSense
After Featured Image
දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්‍ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට? යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්‍ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, මන්ත්‍රීතුමිය, විශේෂයෙන්ම මේ වසරේ අවුරුදු 16ට අඩු දරුවන් සේවය ලබා ගැනීම සම්බන්ධයෙන් දඩ මුදල වැඩි කිරීම පිළිබඳව අපේ විරෝධතාවයක් නෑ. එය විය යුතු කාරණයක්. ඒ වගේම අපි දැනගන්න කැමතියි මේ වෙනකොට එවැනි පැමිණිලි කීයක් රජයේ ආයතන වලට ලැබිලා තියෙනවාද කියන කාරණය සහ ඒ ලැබිච්ච පැමිණිලි වලට ඒ අදාළ ආයතන සහ ආණ්ඩුව විදියට ඔබ ගත්තු ක්‍රියාමාර්‍ගයන් පිළිබඳවත් දැනගන්න කැමතියි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමිය. දැන් මේ හැමෝම කතා කරනවා මේ 22 ගැන. දැන් මේ දවස්වල පාර්‍ලිමේන්තුවේ පිටත ආණ්ඩු පක්ෂයේ අය තමන්ගේ කාලයේ සියලුම දේ වැය කරලා මේ 22 ආරක්ෂා කරන්න කටයුතු කරනවා. අපිත් ඔහොම කරා ඒ කාලේ සමහර ඒවට. හැබැයි පහුකාලීනව තමයි ඒවයේ යථාර්‍ථය ගරු සභාපතිතුමිය අපිට තේරෙන්න පටන් ගත්තේ. ඉතින් හැබැයි අද අඩු ගානෙන් අපෙන්වත් පාඩම් ඉගෙන ගන්නේ නැතුව, ඔබතුමන්ලා ඒ ගන්න ක්‍රියාමාර්‍ගය පිළිබඳව ඔබ ඉදිරියේදී තේරුම් ගනී. මේ අවුරුදු 16ට අඩු දරුවන්ට රැකියා කරන්න තියා ගරු සභාපතිතුමිය, මේ 18ට වැඩි ළමයින්ටවත් රස්සා නැති තත්වයක් අද උදා වෙලා තියෙනවා. එන්න එන්න කර්‍මාන්තශාලා වැහෙනවා. ගොවි ජනතාව අසරණ වෙලා. වී විකුණගන්න විදියක් නෑ. ධීවරයාගේ අස්වැන්න විකුණගන්න විදියක් නෑ. අනිත් පැත්තෙන් විදේශීය ණය දිනෙන් දින වැඩි වෙනවා. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. දැන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න අවශ්‍ය බෙහෙත් දැඩි හිඟයක් තියෙනවා රජයේ සහ පෞද්ගලික රෝහල් වල. ඒවා පිළිබඳව ආණ්ඩුවේ මතය සහ ඒවට ආණ්ඩුවේ ලැබෙන මැදිහත්වීම පිළිබඳව ඉතාමත් අඩුයි. හැබැයි ගරු විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්‍ඝ කිරීම සඳහා ආණ්ඩුව සියලු පාර්‍ශ්වයන්ට විරුද්ධව ගිහිල්ලා හරි කටයුතු කරනවා. දැන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ලා මේ සිස්ටම් එකේ සියලු දෙනාට විරුද්ධව ගිහිල්ලා රැකියා ප්‍රශ්නයට විසඳුමක් දෙයි, උපාධිධාරීන්ට රස්සා දෙයි, ආයෝජකයෝ ගෙනෙයි, කර්‍මාන්ත අරියි වහයි කියලා නෙවෙයි. ඔබලා වහනවා. කර්‍මාන්තශාලා අලුතෙන් ඉදි කරයි. රාජ්‍ය සේවයේ තියෙන අපහසුතාවයන් පිළිබඳව තේරුම් අරගෙන ඒවට උත්තර දෙයි. රාජ්‍ය සේවකය ආරක්ෂා කරයි, වැඩ කරන අයව, හැබැයි අද ග්‍රාම සේවක මහත්වරුන්ගේ ප්‍රශ්න විසඳයි. අද ඔබතුමන්ලා මොකක්ද කරන්නේ? ඒ සියලු ප්‍රශ්න පැත්තක තියලා ඔබගේ අවශ්‍යතාවය මත, මං වගකීමකින් කියන්නේ, ඔබගේ ගැලවීම සඳහා, ඔබතුමන්ලාගේ ආරක්ෂාව සඳහා ගරු විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්‍ඝ කරනවා. දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්‍ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක හාමුදුරුවනුත් හොරුද මේ ආණ්ඩුව කියන විදියට? මේ රටේ නීතිඥ සංගමයත් හොරුද? එතකොට UN එක? එතකොට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඒත් හොරුද? එතකොට ආසියාතික නීතිඥ සංගමය ඒක ඉන්නෙත් හොරුද? දැන් ඔබතුමාලාගේ පක්ෂයේ, JVP එකේ නීතිඥ සංගමය නියෝජනය කරන අය ජනාධිපතිතුමා එක්ක නීතිඥ සංගමය එක්ක සාකච්ඡාවට ගියේ නැද්ද? ගිහිල්ලා ජනාධිපතිතුමාට කිව්වේ නැද්ද මේක කරන්න එපා කියලා? එතකොට ඒ අයත් හොරුද? දැන් ඔබතුමන්ලාගේ න්‍යාය අනුව මේ පාර්‍ලිමේන්තුවේ ඉන්න 159 දෙනයි, ජනාධිපතිතුමායි, අර ඔබගේ පක්ෂයේ ඉන්න නීතිඥවරුත් හොරු. එහෙමනේ කියන්නේ? ගරු මහා නායක හාමුදුරුවරුත් හොරු. දැන් මීට පෙරත් ගරු මහා නායක හාමුදුරුවරු මේ විගණකාධිපති පත් කරන වෙලාවෙත් යම් ඉල්ලීමක් කරා. ඔබ ඒකට ඇහුම්කන් දුන්නේ නෑ. අඩු ගානෙන් මේ පිළිතුරක් දෙන්න... එහෙමවත් නෑ. මේ රටේ ඉතිහාසයේ පළමු වතාවට ගරු මහා නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමක් හේතු නොදක්වා ප්‍රතික්ෂේප කරනවා. හේතුවක් දක්වනවා නම් ඒක අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඇයි මේ කිසි පාර්‍ශ්වයකට ඇහුම්කන් දෙන්නේ නැතුව ගරු සභාපතිතුමිය කට ඇරපු ගමන් ආ ඒ ඔක්කොම හොරු කියලා පැත්තකට වෙනවා. හැබැයි ඔබතුමන්ලාගේම නීතිඥ සංගමයේ ඔබතුමන්ලාගේ පක්ෂයන් ගියොත් දැන් හොරු වෙලා. දැන් එහෙමනේ කියන්නේ. දැන් බලන්න ගරු සභාපතිතුමිය, මේ පහුගිය කාල සීමාව තුළ මේ ඔබේ ආරක්ෂාවට කෙරෙන්නේ. මේ මේ පහුගිය ආණ්ඩුවල නඩු අහන්න ඒකට නෙවෙයි මේ දීර්‍ඝ කිරීම කරන්නේ. මේ අධිකරණයට බලපෑම් කරන්න ඔබ උත්සාහ කරන්නේ ඒ හින්දා නෙවෙයි. මේ පාර්‍ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ඔබතුමන්ලාගේ පක්ෂයේ වරෙන්තු ආවාම උසාවි යන්නේ නෑ. උසාවි මගාරිනවා. වරෙන්තු කරන ගරු පහළ විනිශ්චයකාරවරු මාරු කරනවා. පහුගිය කාලේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරතුමාලා මුණගැහිලත් මේ 22වන සංශෝධනයට විරුද්ධ වුනා. ඒ කියන්නේ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුත් හොරුද ඔබතුමාලාගේ න්‍යාය පත්‍රය අනුව? අද මේ පාර්‍ලිමේන්තුව ඇතුලේ ඔබතුමන්ලාගේ වරෙන්තු තියෙන කී දෙනෙක් ඉන්නවාද? ඒ අය වරෙන්තු ආවාම උසාවි යන්නෙත් නෑ. සමහර විනිශ්චයකාරවරු මාරු කරනවා. බීලා හැප්පුනාම 25000 දඩය 2,500ට අඩු කරගන්නවා. මේ ඔබතුමාලාගේ ආණ්ඩුවේ අය. ඒවා ආරක්ෂා කරන්නද මේ කරන්නේ? කන්ටේනර් 323ක් පැන්නුවා වරායෙන්! වරායෙන් කන්ටේනර් 323ක් පැන්නුවා. දැන් මේ නඩු අහනවා ඉස්සරහට. ඒ නඩු අහනකොට ඒවට අවශ්‍ය බලපෑම කරන්නද ඔබතුමන්ලා මේ ලෑස්ති වෙන්නේ කියන ප්‍රශ්නය අපි අහනවා. අර මුදල් අමාත්‍යාංශයේ වැරදි ගිණුමකට ඩොලර් මිලියන 2.5ක් මාරු කරා. ඒකේ ප්‍රධාන සාක්ෂිකාරයා, පැමිණිලිකාරයා බලනහරය, අතපය කැපිලා මැරිලා. මරාගත්තද, මැරුවද, සියදිවි නසාගත්තද කියන එක ප්‍රශ්නයක්. ගරු සභාපතිතුමිය, ගල්අඟුරු සම්බන්ධයෙන් ගල්අඟුරු වංචාවේ නඩුව එනවා. ඒවා ආරක්ෂා කරන්න තමයි ඔබතුමන්ලා අධිකරණයට බලපෑම් කරන්නත් උත්සාහ කරන්නේ. මේ වෙන මොකටවත් නෙවෙයි. ආ තැපැල් එකේ වැරදි ගිණුමකට සල්ලි දැම්මා. ජනාධිපති ලේකම්වරයා, අන්න වරායෙන් කන්ටේනර් පන්නලා වැරදිකාරයෙක් වෙලා, වරායෙන් කන්ටේනර් පන්නපු නිලධාරියෙක්ව ජනාධිපති ලේකම් බවට ජනාධිපතිවරයා පත් කරලා හොරු අල්ලන්න කතා කරනවා. ආයේ මොන කතාද ගරු සභාපතිතුමිය, මේ නඩුව එනකොට තමයි ඔබතුමන්ලා පැහැදිලිවම ලෑස්ති වෙන්නේ මේ අධිකරණ පද්ධතියට බලපෑමක් කරලා තමන්ට ඕනි විදියට අධිකරණ පද්ධතිය හසුරුවන්න. හැබැයි ඔබතුමාලා කියන්නේ මොකක්ද? මේ විපක්ෂය බය වෙලා... නෑ, විපක්ෂය නෙවෙයි, ආණ්ඩු පක්ෂය බය වෙලා තියෙන්නේ! අද ඔබතුමාලා හිතනවා නම් මේ මැතිවරණ තියන්නේ නැතුව මැතිවරණ තියන්නේ නැතුව ගරු සභාපතිතුමිය කාලයක් ඇදගෙන යන්න පුළුවන් නම්, ඒ කාරණා සාර්‍ථක වෙන්නේ නෑ. කවුරු කවුරු ඔබතුමන්ලා වයස දීර්‍ඝ කරලා මේකේ තියාගත්තත් ඡන්ද තියන්න වෙනවා! ඒ කවුරු තියාගත්තත් ඡන්ද තියන්නත් වෙනවා, මේ නඩු අහන්නත් වෙනවා. ඒ නඩු අහන්නත් වෙනවා වගේම මං මේ ඉස්සරහා ඉන්නවානේ... අනේ ගරු සභාපතිතුමිය, මම ගියාට පස්සේ මාව හොයන්න එපා කියන්න. මම ඉන්න වෙලාවක තියෙන ප්‍රශ්නයක් මගේ මූණට මූණ අහන්න කියන්න. උදේ ඉඳන් හවස වෙනකම් මාව හොයනවා. ඉන්න වෙලාවේ බුදියගෙන ඉන්නවා. ඉඳලා ගියාට පස්සේ 'කෝ නාමල්? කොහෙද යන්නේ?' කොහෙවත් නෑ මේ ඉන්නවා! තියෙන ප්‍රශ්නයක් දැන් අහන්න කියන්න. මගේ කාලෙත් ඕනම් දෙන්නම්. හැබැයි ගියාට පස්සේ 'අන්න හොයනවා, කෝ දැන් කෝ' කියලා මුලු දවසම මේ මාව හොයන්න එපා කියලා මං ඉල්ලීමක් කරනවා. තියෙනවා නම් ප්‍රශ්නයක් දැන් අහන්න මූණට ආත්මශක්තියක් තියෙනවා නම්. ගරු සභාපතිතුමිය, ඒ වගේම අර අපේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය... එතුමිය මේ පාර්‍ලිමේන්තුවට කියන කාරණා සම්බන්ධයෙන් ඔබතුමියලා පුරුද්දක් විදියට ආණ්ඩු පක්ෂයේ මේ හැන්සාඩ් එකෙන්ම ඉවත් කරනවා. මේ හැන්සාඩ් එකෙන් ඉවත් කරන එක නෙවෙයි කළ යුත්තේ. යම් ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීවරියක් විදියට පාර්‍ලිමේන්තුවේ ඇහුවාම ඒකට ඇහුම්කන් දීලා අවශ්‍ය පියවර ගන්න. ඔබතුමාලට අවශ්‍ය නම් අපි ඉල්ලීමක් කරනවා ඒකට සිලෙක්ට් කමිටුවක් දාන්න. පාර්‍ලිමේන්තු සිලෙක්ට් කමිටුවක් දාන්න. සිලෙක්ට් කමිටුවක් පත් කරලා එතුමිය මේ පාර්‍ලිමේන්තුවේ කියන කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් ගත් කටටම අහපු ගමන්, නැගිට්ට ගමන්, ප්‍රශ්නයක් ඉදිරිපත් කරපු ගමන් තව කෙනෙක් නැගිටලා ඒකට විරුද්ධව කතා කරලා ඒක හැන්සාඩ් එකෙනුත් ඉවත් කරන එක නෙවෙයි කළ යුත්තේ. ඒ හින්දා අපි ඉල්ලනවා ඔබතුමියගෙන්, කරුණාකරලා ගරු කථානායකතුමා දැනුවත් කරන්න රෝහිණී කවිරත්න ගරු පාර්‍ලිමේන්තු මන්ත්‍රීතුමිය ඒ කියන කාරණා සම්බන්ධයෙන් පාර්‍ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන්න. ඒ කාරණා ගැන හොයන්න. ඒ එක්කම මේ 22, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිට දාලා ජනතාවගේ ප්‍රශ්න නම් යට ගහන්නත් ලෑස්ති වෙන්න එපා කියලා ඉල්ලනවා. Concerns Over Judiciary Extension and Youth Unemployment Highlighted in Parliament Amid ongoing discussions in Parliament, Namal Rajapaksa, the National Organizer of the Sri Lanka Podujana Peramuna and Member of Parliament, raised critical questions about recent government actions. He emphasized the growing dissatisfaction with the government’s approach towards the judiciary and its impact on the youth. Speaking directly to the Speaker and prominent political leaders, Rajapaksa challenged the motives behind the proposed extension of judicial terms. He questioned whether the current administration viewed these judges as anything other than detrimental actors within the system. Touching on the pressing issue of unemployment among youth under the age of 16, Rajapaksa argued for the necessity of increasing wages for this demographic, marking it as an essential requirement. He urged for transparency regarding the number of complaints submitted to government institutions concerning child labor, echoing the call for action on these vital matters. Rajapaksa criticized the government's protective measures aimed at safeguarding judges while neglecting pressing issues faced by younger generations. He highlighted the desperate conditions in which many adolescents find themselves—including factory closures, agricultural failures, and a dramatic rise in foreign debt—with alarming consequences for their future. Moreover, he lamented the insufficient intervention from governmental bodies in addressing the escalating healthcare crisis, notably the shortage of essential medicines for cancer patients in public hospitals. Crucially, he stated that while the government is engaged in debates around safeguarding judges, the everyday challenges faced by citizens remain unaddressed. Further amplifying his claims, he pointed to systemic inadequacies within the administration that seem more focused on self-preservation rather than resolving pressing employment and healthcare issues. Rajapaksa accused the ruling party of avoiding accountability, reinforcing that public expectations are primarily for solutions, job creation, and responsible governance. The Parliament witnessed an outpouring of frustrations regarding the government's perceived negligence towards its constituents while prioritizing judicial welfare instead. Rajapaksa’s harsh critique raised eyebrows, questioning the integrity of both the legal profession and the ruling party itself, which he accused of employing judges as scapegoats. In light of these allegations, Rajapaksa urged the Speaker to be proactive in addressing the public’s concerns and to consider forming a select committee to investigate the claims made about judicial interference and governmental negligence. Acknowledging the critical nature of these discussions, he cautioned against dismissing the parliament's duty to the people. As debates continue, the urgency to tackle youth unemployment and advocate for a more responsive government has never been clearer. The political landscape remains fraught with challenges, but with voices like Rajapaksa’s calling for change, the demand for accountability and action resonates strongly within the walls of Parliament. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

