
හදිසි මෝටර් රථ පරික්ෂාවක්.. වාහන රැසක් ධාවනයෙන් ඉවත් කෙරේ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නුවරඑලිය පොලිස් කොට්ඨාශ රථවාහන අංශයේ නිළධාරින් සහ තම කාර්‍යාලයේ මෝටර් රථ පරික්ෂක ඉන්දික කරුණාරත්න මහතා සමග එක්ව තලවකැලේ ප්‍රදේශය හරහා ධාවනය වන බස් රථ , මෝටර් රථ , යතුරුපැදි , වෑන් සහ ලොරි රථ ධාවනයට සුදුසු තත්වයේ තිබේද යන්න පිලිබදව සිදු කල හදිසි පරික්ෂාවකදී වාහන 40 ක් පරික්ෂා කල බවත් , ඉන් විවිධ අඩුපාඩුකම් සහිතව ධාවනයට නුසුදුසු තත්වයේ ධාවනය කල වාහන 28 ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කර එම වාහන වල ආදායම් බලපත්‍රය තමන් භාරයට ගත් බවයි මෝටර් රථ පරික්ෂකවරයා කියා සිටියේ . සිදු වන රිය අනතුරු අවම කිරිමේ අරමුණින් සිදු කල මෙම පරික්ෂාවේදි පෞද්ගලික බස් රථ 4 ක් ත්‍රීරෝද රථ 15 ක් ඇතුලු වාහන 28 ක් ධාවනයෙන් ඉවත් කල බවත් , එම වාහනවල නිරික්ෂනයට ලක් වූ විවිධ අඩුපාඩුකම් සපුරා යලිත් පරික්ෂාවකට ඉදිරිපත් කරන තෙක් එම වාහන ධාවනය තාවකාලිකව නතර කල බවයි මෝටර් රථ පරික්ෂකවරයා කියා සිටියේ . මෙවැනි ආකාරයට දිස්ත්‍රික්කය පුරා වාහන පරික්ෂාව සිදු කරන බවද මෝටර් රථ පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසීය .
Google AdSense
In-Article Ad

