
බොහෝ ප්‍රදේශවල අදත් වියළි කාලගුණයක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම දෙපාර්‍තමේන්තුව පැවසුවා. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පැවසුවේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතරතරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. .
Google AdSense
In-Article Ad

