FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශිෂ්‍යත්ව විභාගයේ උත්තරපත්‍ර ඇගයීම අද සිට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉකුත්දා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග දෙපාර්‍තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කළ විමසීමකදී පැවසුවේ එම විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ලබන 25 වනදා දක්වා සිදු කෙරෙන බවයි ඒ, දිවයින පුරා මධ්‍යස්ථාන 48 කදීයි. ඒ සදහා ඇගයිම් මණ්ඩල 380 ක් පත් කර තිබෙනවා. ඇගයීම් කටයුතු සදහා ඇගයීම් පරීක්‍ෂකවරුන් 6,000 කට අධික පිරිසක් එක් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 9 වනදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණා. ඊට අයදුම්කරුවන් දෙලක්‍ෂ 94,089 දෙනෙකු පෙනී සිටි බවයි විභාග දෙපාර්‍තමේන්තුව පැවසුවේ. එම විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ නිකුත් කරන බවද එම දෙපාර්‍තමේන්තුව මීට පෙර සදහන් කළා. .

Google AdSense

In-Article Ad