
බන්ධනාගාර කලබලවලට හදිසි ප්‍රතිචාර දක්වන ඒකකයක්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
බන්ධනාගාර පරිශ්‍රය තුළ ඉදි කිරීමට නියමිත නව ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණයට සහ කාන්තා රැඳවියන් හමු වී ඔවුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද අමාත්‍යතුමා සහභාගි විය. හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ සුභ සාධනය මුලික අරමුණ කර ගනිමින් රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ යාන්ත්‍රණය දිවයිනේ සෑම බන්ධනාගාරයක් තුළම ස්ථාපිත කරනවා. රැඳවියන්ගේ පහසුකම් බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතා ලබාදීම පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ සුභ සාධනය තහවුරු කිරීම සිදු කළ යුතුයි. රැඳවියන්ට මිත්‍රශීලි මානුෂිය පරිසරයක් බන්ධනාගාර තුල පැවතිය යුතුයි. බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා රස පරීක්ෂක වාර්‍තා කඩිනමින් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු කලින් හඳුනා ගැනීම මෙම යාන්ත්‍රණය පිහිටුවීම තුළින් සිදු වෙනවා. ප්‍රාදේශිය රාජ්‍ය නිලධාරීන්ගේ මුලිකත්වයෙන් පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණය මසකට වරක් රැස්ව ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. රැදවියන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට බන්ධනාගාරවල කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු ඉදිරිපත් කිරීමට පවතින ක්‍රමවේදය පවතින ක්‍රමයට වඩා විධිමත් විය යුතු බවද අමාත්‍යතුමා සදහන් කළේය. දිවයිනේ සියලු බන්ධනාගාර මුලික කර ගනිමින් මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමට කටයුතු කර ඇති අතර, අද දිනය තුළ කළුතර, ගාල්ල, බුස්ස සහ මාතර බන්ධනාගාර මුලික කර ගනිමින් ප්‍රාදේශිය රාජ්‍ය ආයතන උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ කමිටු පිහිටුවන ලදී. රාජය ආයතන එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ නිලධාරීන් අවම වශයෙන් මාසයකට වරක් රැස්ව පවතින ගැටළු සාකච්ඡා කිරීම සිදු කළ යුතු වේ. රාජ්‍ය ආයතන එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම තුළින් බන්ධනාගාර තුළ අර්‍බුදයක් ඇතිවීමට පෙර කලින් හදුනා ගැනීමේ හැකියාව තිබේ. කළුතර බන්ධනාගාරයේ නිලධාරීන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් අමාත්‍යතුමා සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද මෙහිදී පැවැත්විණි. කළුතර බන්ධනාගාර අධිකාරී ඒ.එම්. එස්. උපුල්දෙණිය, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත්, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ඩබ්ලිව්. අයි . පද්මිණි, 143 වන පාබල බල සේනා නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජනරාල් අසිත පුෂ්පකුමාර, කළුතර නාවික හමුදා දෙවන අණ දෙන නිලධාරී ලුතිනන් ඒ.පී. රණතුංග කළුතර සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ජේ.පී. ගජනායක යන මහත්ම මහත්මීන් පොලිස් විශේෂ කාර්‍ය බලකාය පොලීසිය, යුද හමුදාව, පොලිස් විශේෂ කාර්‍ය බලකාය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය, ගිනි නීවිමේ හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Google AdSense
In-Article Ad

