
රනිල්ට ලොකු අවුලක්... බ්‍රිතාන්‍ය සංචාරය ගැන එරට රාජ්‍ය අමුත්තන්ගේ නිල ලේඛණවල නෑ!
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ සැප්තැම්බර් මස සිදුකළ බ්‍රිතාන්‍ය සංචාරය, රාජ්‍ය තාන්ත්‍රික හෝ නිල ආරාධනයක් මත සිදුකළ එකක් නොවන බව බ්‍රිතාන්‍ය රජයේ නිල දත්ත මඟින් අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එය පෞද්ගලික සංචාරයක් බවට වන සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ බ්‍රිතාන්‍ය රජයේ නිල වෙබ් අඩවිය (gov.uk) මඟින් ප්‍රසිද්ධ කර ඇති 'රාජ්‍ය සහ රජයේ අමුත්තන්ගේ සංචාර' පිළිබඳ විනිවිදභාවය තහවුරු කරන දත්ත වාර්‍තාවලට අනුව, 2023 වසරේ ජූලි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අමුත්තෙකු ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි බවට කිසිදු සඳහනක් දක්නට නැතැයි හෙතෙම කියා සිටී. එම කාලසීමාව තුළ බ්‍රිතාන්‍යයට පැමිණි අනෙකුත් රටවල රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් පිළිබඳ තොරතුරු එම ලේඛනවල පැහැදිලිව සඳහන් වුවද, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම ඊට ඇතුළත් වී නොමැති බව එම දත්ත පිරික්සීමේදී හෙළි ව ඇත. මෙම සංචාරය සඳහා මෙරට ජනතා මුදල් රුපියල් ලක්ෂ 166කට අධික ප්‍රමාණයක් වැය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. බ්‍රිතාන්‍ය රජයේ වෙබ් අඩවියෙන් ලබාගත් මෙම තීරණාත්මක දත්ත ද ඇතුළුව සියලු තොරතුරු ඕෂල හේරත් මහතා විසින් විමර්‍ශන නිලධාරීන් වෙත භාර දී ඇත. ජනාධිපති ධුරය දරමින් සිටියදී සිදුකළ මෙම සංචාරය නිල සංචාරයක් ලෙස පෙන්වමින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බවට ඕෂල හේරත් මහතා සිය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
Google AdSense
In-Article Ad

