FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මගීන් පටවගෙන රේස් ගිය බස් ධාවනයෙන් ඉවත් කෙරේ..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම බස් රථ දෙක ඉකුත් දින මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරමින් සිටියදි හැටන් කොළඹ ප්‍රධාන මාර්‍ගයේ පේහගහමුල ප්‍රදේශයේදි පසුපසින් එම දිසාවටම ධාවනය වූ පෞද්ගිලක බස් රථය අපරික්ෂාකාරිව ඉදිරියෙන් ධාවනය වූ බස් රථය ඉස්සර කර යැමට උත්සහ කිරිමේදි බස් රථ දෙක ගැටී අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් බස් රථ දෙකම පොලිස් භාරයට ගෙන එම බස් රථ දෙක නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට යොමු කිරිමට ගිනිගත්හේන පොලිසියේ නිළධාරින් පියවර ගෙන තිබුණි . එම බස් රථ දෙක පරික්ෂා කල මෝටර් රථ පරික්ෂකවරයා එම බස් රථ දෙකේ තිබූ අඩුපාඩුකම් සම්පූර්‍ණ කර බස් රථයේ මුල් ආකෘතිය වෙනස් කරමින් බස් රථයේ සවි කර ඇති අමතර උපාංග ගලවා ඉවත් කර යලිත් තමන්ගේ අධීක්ෂණයට බස් රථ දෙක යොමු කරන තෙක් එම බස් රථ දෙක ධාවනයෙන් තාවකාලිකව ඉවත් කිරිමට මෝටර් රථ පරික්ෂකවරයා පියවර ගෙන ඇත . අපරික්ෂාකාරිව නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරිම සම්බන්ධයෙන් එම බස් දෙකේ රියදුරන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇත .

Google AdSense

In-Article Ad