FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බැසිල්ගේ ඇප මුදල් රාජසන්තක කරයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පවරා ඇති මෙම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී, එහි තෙවන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් නොවීය. ඔහු අධිකරණයට පිළිගත හැකි මට්ටමේ වෛද්‍ය වාර්‍තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම නඩු වාර මඟහරින බව නිරීක්ෂණය කළ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. මීට අමතරව, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප ඉදිරිපත් කළ ඇපකරුවන් තිදෙනාට දඩ මුදල් නියම කළ අධිකරණය, එම දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන් බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය. සැකකරුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව 2026 ඔක්තෝබර් මස 27 වන දින දක්වා දීර්‍ඝ කිරීමට ද මෙහිදී පියවර ගැනිණි. නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන් අද දින අධිකරණයේ පෙනී සිටි අතර, පැමිණිලි පාර්‍ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ නිලධාරීන් කරුණු වාර්‍තා කළහ. විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

Google AdSense

In-Article Ad