FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළේය. මෙම නඩුව අද (31) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය. එම විනිසුරු මඩුල්ලේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතාට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කට වරදකරු කරන බවය. “පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා. නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ. මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.” ඒ අනුව රාජකාරිය නොකර හැරීම සහ මිනීමැරීමට ආධාර අනුබලදීම යන චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවත් බහුතර විනිසුරුවරු පැවසීය. නමුත් සුළුතර තින්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය මහතා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවය. ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා පැවසුවේය. කෙසේවෙතත් බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණීය දණ්ඩනය පනවනු ලැබීය.

Google AdSense

In-Article Ad