
බිත්තර රුපියල් 50 ආසන්නයි.. මාළු, එලවළු මිල හොදටම නගී..
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
දිවයිනේ ප්‍රධාන වෙළඳපොළ කිහිපයක එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන්වල කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දෛනික මිල වාර්තාව පෙන්වා දෙයි. විශේෂයෙන්ම සැපයුම සීමා වීම හේතුවෙන් දඹුල්ල සහ පිටකොටුව වෙළඳපොළවල එළවළු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ද්‍රව්‍යවල මිල පහත වැටීමක් ද වාර්තා වේ. මහ බැංකු වාර්තාවට අනුව, නුවරඑළිය සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලින් ලැබෙන සැපයුම සීමා වීම හේතුවෙන් දඹුල්ල වෙළඳපොළේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 280 සිට රුපියල් 355 දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව, දඹුල්ල වෙළඳපොළේම ගෝවා කිලෝවක මිල රුපියල් 130 සිට රුපියල් 160 දක්වා ඉහළ ගොස් තිබේ. පිටකොටුව වෙළඳපොළේ කැරට් කිලෝවක මිල ද රුපියල් 300 සිට රුපියල් 320 දක්වා ඉහළ ගොස් ඇත්තේ රාගල සහ නුවරඑළිය ප්‍රදේශවලින් ලැබෙන සැපයුම අඩුවීම හේතුවෙනි. මිල ඉහළ යාම් මධ්‍යයේ වුවද, නොච්චියාගම සහ පුත්තලම ප්‍රදේශවලින් සාර්ථක සැපයුමක් ලැබීම හේතුවෙන් පිටකොටුව වෙළඳපොළේ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1,550 සිට රුපියල් 1,300 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එමෙන්ම දඹුල්ල වෙළඳපොළේ අලෙවි වන ආනයනික අල කිලෝවක මිල ද රුපියල් 173 සිට රුපියල් 163 දක්වා සුළු වශයෙන් පහත වැටී තිබේ. උතුරු මුහුදු තීරයෙන් ලැබෙන සැපයුම යහපත් වීම හේතුවෙන් මීගමුව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළවල සාලයා කිලෝවක තොග මිල රුපියල් 750 සිට රුපියල් 600 - 700 දක්වා පහත වැටී ඇත. කෙසේ වෙතත්, මීගමුව වෙළඳපොළේ පරව් මාළු කිලෝවක මිල රුපියල් 1,960 සිට රුපියල් 2,700 දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. සහල් මිල ගණන් බොහෝ දුරට ස්ථාවර මට්ටමක පවතින අතර, ඇතැම් වෙළඳපොළවල රතු කැකුළු සහ නාඩු සහල් මිලෙහි සුළු වෙනස්වීම් දක්නට ලැබෙන බව ද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර සිල්ලට වෙලදපලේ බිත්තරයක් රුපියල් 46-48 දක්වා මිල ඉහල ගොස් ඇත. Significant Price Changes in Essential Food Items Across Sri Lanka's Major Markets Recent findings from the Central Bank of Sri Lanka's daily price report reveal noticeable fluctuations in the prices of essential food items, including vegetables, in several key markets across the country. Particularly affected by supply shortages, markets in Dambulla and Pitakotte have witnessed price increases for various vegetable types, although some items have also seen price drops. According to the report, limited supply from the Nuwara Eliya and Bandaragama regions has caused the retail price of beans in the Dambulla market to rise sharply from Rs. 280 to Rs. 355 per kilogram. Additionally, the price of gourds in the same market has surged from Rs. 130 to Rs. 160 per kilogram. In Pitakotte, the cost of carrots has increased to between Rs. 300 and Rs. 320 per kilogram, driven by reduced supplies from the Ragala and Nuwara Eliya areas. In contrast to these price hikes, a steady supply from Nochchiyagama and Puttalam has led to a significant decrease in the price of raw peppers in the Pitakotte market, dropping from Rs. 1,550 to Rs. 1,300 per kilogram. Similarly, the price of imported potatoes in the Dambulla market has slightly declined from Rs. 173 to Rs. 163 per kilogram. On the seafood front, improved supply from the northern coastal regions has resulted in bulk prices for saliya fish at the Meegamuwa and Peliyagoda markets falling to between Rs. 600 and Rs. 700 from Rs. 750 per kilogram. Conversely, the price of paraw fish in the Meegamuwa market has surged dramatically, increasing from Rs. 1,960 to Rs. 2,700 per kilogram, as reported by the Central Bank. While rice prices remain largely stable, some markets have recorded slight variations in the costs of red rice and Nadu rice. Additionally, the price of a dozen eggs in the retail market has climbed to between Rs. 46 and Rs. 48. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

