FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මිරිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මිරිස්ස මංසන්ධියේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි F.U. වුට්ලර් මහතා පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් රාත්‍රි 7.20 ට පමණ එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්. ඔහුට වෙඩි තබා ඇත්තේ පිස්තෝල අවියකින්. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා. .

Google AdSense

In-Article Ad