
මහින්දට ලොකු ලෙඩක් වැටේ.. අනුරපුර ජන රැලියෙන් LTTE ප්‍රවර්‍ධනය කලැයි පැමිණිල්ලක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඉකුත් 12 වැනිදා අනුරාධපුරයේ පැවති ජන රැළියේදී යාපනය දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්‍චුනා වේදිකාවට නැග තමන් කොටි සංවිධානයේ සාමාජිකයෙකු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ බව පැමිණිලිකරුවෝ පෙන්වා දෙති. මීට පෙර පාර්‍ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පාර්‍ලිමේන්තුව තුළ මෙවැනි අදහස් පළ කළ ද, මෙවර ඔහු ප්‍රසිද්ධ මහජන වේදිකාවකදී මෙම නීති විරෝධී ප්‍රකාශය සිදු කර ඇති බව ද ඔවුහු සඳහන් කරති. එල්.ටී.ටී.ඊ. සංවිධානය මුළුමනින්ම පරාජය කර රට තුළ සාමය ස්ථාපිත කර ඇති පසුබිමක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ගැසට් නිවේදන මඟින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රසිද්ධියේ ප්‍රවර්‍ධනය කිරීම බරපතළ වරදක් බවත්, එය රටේ මූලික නීතිය උල්ලංඝනය කිරීමක් බවත් එම පැමිණිල්ලේ දැක්වේ. පාතාල ක්‍රියාකාරකම් හෝ නීති විරෝධී මත්පැන් ජාවාරම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නා සේම, තහනම් ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්‍ධනය කළ අදාළ මන්ත්‍රීවරයා ද වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔවුහු අවධාරණය කරති. එමෙන්ම, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්‍ධනය කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට අදහස් දැක්වීම සඳහා වේදිකාව සකස් කර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන්, පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු එම රැළිය සංවිධානය කළ සියලු පාර්‍ශ්වයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Google AdSense
In-Article Ad

