
USAID ආධාර නැවතුනේ නැත්තං ලංකාවේ විනිසුරු වයස ඉන්දියාවේ කැරපොතු අරගලයටත් වඩා උස්සනවා..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මෙරට රාජ්‍ය නොවන සංවිධාන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඔවුන්ට ලැබෙන විදේශ ආධාර ඇණහිට ඇති බැවින් යැයි දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. විශේෂයෙන්ම USAID වැනි ජාත්‍යන්තර සංවිධානවලින් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන නතර වීම නිසා එම සංවිධානවල ක්‍රියාකාරීන් සහ ඔවුන්ගේ පවුල් විසිර ගොස් ඇති බවත්, එම ආධාර ලැබුණේ නම් මෙම විරෝධතාව ඉන්දියාවේ කැරපොතු අරගලවලටත් වඩා ප්‍රබල මට්ටමකට ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. විදේශීය මූල්‍ය ආධාර මත සිදුවන මෙවැනි මෙහෙයවීම් නතර වීම තුළින් රට තුළ "සෘජු ප්‍රජාතන්ත්‍රවාදයක්" ස්ථාපිත වීමට අවස්ථාව සැලසී ඇති බව ද ගුණරත්න මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මීට පෙර විදේශීය බලපෑම් සහ මූල්‍යමය මැදිහත්වීම් හරහා ජනමතය හැසිරවීමට උත්සාහ කළ ද, දැන් එම තත්ත්වය වෙනස් වී ඇති බව ඔහුගේ අදහසයි. Concerns Raised Over Judicial Retirement Age Movements in Sri Lanka Deepthi Kumara Gunaratna, a political analyst, has expressed concerns regarding the prolonged silence of non-governmental organizations in Sri Lanka on issues surrounding the retirement age for judges. He suggests that this reticence may be linked to the organizations' dependency on foreign aid. During a discussion on an online platform, Gunaratna revealed the implications of international financial support from entities like USAID, stating that a halt in funding has led to a disbandment of these organizations and their affiliates. He emphasized that, had this funding continued, it could have propelled protests to a level surpassing the notable demonstrations in India. He further noted that the cessation of such external financial interventions presents a unique opportunity for establishing what he termed "direct democracy" within the country. This reflects a significant shift from previous attempts to manipulate public opinion through foreign influence and financial involvement, highlighting a new reality in the socio-political landscape of Sri Lanka. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

