FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අකිල විරාජ් බන්ධනාගාරයේ ජීවිත අවදානමක...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ජීවිතයට බන්ධනාගාරය තුළදී දැඩි අවදානමක් මතුව ඇති බව එම පක්ෂය පවසයි . මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාල මහත්මිය විසින් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ . අගෝස්තු මස 18 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින වගකීම බන්ධනාගාර බලධාරීන් සතු බව එම ලිපිය මගින් අවධාරණය කර ඇත . බන්ධනාගාරය තුළ දැනට පවතින තත්ත්වය හමුවේ ඔහුගේ ජීවිතය අනතුරට ලක්වීමේ අවදානමක් පවතින බවත් , ඒ පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බවත් මහලේකම්වරිය පෙන්වා දෙයි . මෙම බරපතළ තත්ත්වය පිළිබඳව සහ අකිල විරාජ් මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අවස්ථාවක් ලබා දෙන ලෙස ද එම ලිපිය මගින් ඉල්ලා ඇත . Concerns Raised Over Safety of Former Minister Akila Viraj Kariyawasam in Custody The United National Party has expressed serious concerns regarding the safety of its Deputy Leader and former Minister Akila Viraj Kariyawasam, who is currently remanded in custody. Reports indicate that a potential threat to his life has emerged while he is imprisoned. To address these alarming circumstances, Attorney-at-Law and General Secretary of the United National Party, Thalatha Athukorala, has sent a formal letter to the Commissioner General of Prisons, highlighting the significant responsibility prison authorities hold for his safety until at least August 18. The correspondence emphasizes that existing conditions within the prison pose a risk to his life, underscoring the urgent need for immediate attention to the matter. Athukorala asserts that the situation warrants a proactive response to ensure Kariyawasam's well-being and security. Moreover, the letter calls for discussions to confirm the safety measures in place for the former minister, seeking an opportunity for further dialogue on this pressing issue. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad