FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බන්ධනාගාර හදිසි නොසන්සුන්තා ගැන විශේෂ විමර්ශණයක්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දිවයිනේ බන්ධනාගාර කිහිපයක පෙරේදා රාත්‍රියේ හා ඊයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. එහිදී හෙලිවන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ. “මේ සියලු බන්ධනාගාර ඒකාබද්ධ කරලා ගත්තාම මේ සිද්ධීන් යම් සැලැස්මකට අනුව සිද්ධ වෙන ආකාරයක් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම යම් කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරී ස්වභාවයක් මේ තුළ නිරීක්ෂණය වෙනවා. ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයකින් පසුව තමා ප්‍රකාශයක් කිරීමට හැකියාව ලැබෙන්නේ. කොහොම වුණත් හැම කෙනෙකුගේම ජීවිත ආරක්ෂාව සහිතව මේ සියලු නොසන්සුන්තාවයන් සහ කැරලිකාරීත්වයන් මර්දනය කිරීම තමා ආණ්ඩුවේ උවමනාව. ඒ වෙනුවෙන් කැපවී සිටිනවා.” මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මීට ආසන්නතම හේතුව වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. කිසිදු රැඳවියෙකුගේ ජීවිතයට හානියක් නොවන පරිදි තත්ත්වය පාලනය කිරීමට පූර්ණ විමර්ශන ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. .

Google AdSense

In-Article Ad