
වත්තල උපන් දින සාදයකට වෙඩි තැබූ වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වත්තල, කරදියාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති උපන්දින සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව සිදුකරන ලද විමර්ශනයකින් පසුවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 35 සහ 36 යන වයස්වල පසුවන ජාඇල, මාතලේ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සිද්ධියට අදාළ මෝටර් රථය පැදවූ රියැදුරු, වෙඩික්කරු ලෙස කටයුතු පුද්ගලයා සහ අපරාධකරුවන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. .
Google AdSense
In-Article Ad

