
එන මස සිට අංකය මාරු නොකර ජාල අතර මාරු වෙන්න පුළුවන් කියන්නේ බොරු..- ඩිජිටල් අමාත්‍යංශය
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ජංගම දුරකථන අංකය වෙනස් නොකර සේවා සපයන ජාලය මාරු කිරීමේ පහසුකම හෙවත් 'මොබයිල් නම්බර් පෝටබිලිටි' (MNP) සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ වන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇතැම් මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර ඇත්තේ සැප්තැම්බර් මාසය වන විට මෙම සේවා ව ආරම්භ කරන බව නොව, එම සේවාව ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා දුරකථන සේවා සපයන සමාගම්වලට ලබා දී ඇති කාලසීමාව සැප්තැම්බර් මස අවසානයෙන් අවසන් වන බවයි. යම් හෙයකින් සැප්තැම්බර් මස අවසන් වන විටත් අදාළ සමාගම් පොදු එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නියාමන නියෝගයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම, ස්ථාවර දුරකථන අංක පෝටබිලිටි (Fixed NP) සේවාවට පෙර, වැඩි පාරිභෝගික පිරිසකට සේවය සැලසෙන ජංගම දුරකථන අංක පෝටබිලිටි (Mobile NP) සේවාව ප්‍රමුඛතාවය මත පළමුව ආරම්භ කිරීමට රජය මැදිහත් වන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් මෙම පහසුකම කඩිනමින් ජනතාව වෙත ලබා දීමට රජය කැපවී සිටින අතර, සේවාව ආරම්භ කරන නිල දිනය ඉදිරියේදී විධිමත්ව ප්‍රකාශයට පත් කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
Google AdSense
In-Article Ad

