FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බන්ධනාගාර ගැටළුවට ජනපති අත තබයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සහ සුභසාධනය සොයා බැලීම සඳහා විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ඒ, මෙරට බන්ධනාගාර 33 හි පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීයී. බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙනවා. ඒ අනුව, සියලුම බන්ධනාගාර ආවරණය වන පරිදි ඉදිරි සතිය ඇතුළත මෙම විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට නියමිතයි. මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාවේ නියෝජිතයන් ඇතුළත් කිරීමට නියමිතයි. ඉදිරියේදී මෙම කණ්ඩායම් විසින් බන්ධනාගාර රැඳවියන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා. .

Google AdSense

In-Article Ad