
ජනනි ධනංජනා වික්රමසිංහ ආසියානු පැරා ක්රීඩා උළෙලේ T47 දුර පැනීම කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනියි
FM Heart · 1 min read
ආසියානු පැරා ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ජනනි ධනංජනා වික්රමසිංහ මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ, ටී 47 දුර පැනීම කාන්තා ඉසව්වෙන්. ජනනි ධනංජනා වික්රමසිංහ මෙහි රන් පදක්කම දිනා ගත්තේ නව ක්රීඩා උළෙල වාර්තාවක්ද පිහිටුවමින්වීම විශේෂත්වයක් වුණා. ඇය දැක්වු දක්ෂතාව මීටර් 5 යි සෙන්ටිමීටර් 52 ක්. ඉන්දීය ක්රීඩිකාවක විසින් ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනා ගත්තේ චීන ක්රිඩිකාවක්. ශ්රී ලංකාව නියෝජනය කරමින් සදුනි ජයසුන්දර ද මෙම ඉසව්ව සදහා තරග වැදුණා. මීටර් 4 යි සෙන්ටිමීටර් 11 ක දක්ෂතාවක් දැක්වූ ඇය තරගය නිමා කළේ 4 වෙනියා ලෙසයි. මෙහිදි රන් පදක්කම දිනා ගත් ජනනි ධනංජනා වික්රමසිංහ මෙම තරගාවලියේ මෙතෙක් දිනාගත් දෙවන පදක්කමද මෙය වනවා. මීට පෙර ටී 47 මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනිමටද ඇය සමත් වුණා. .

