FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

කොළඹ කොටස් අද ලොකු පල්ලමකට..

FM Heart · 1 min read

The Heart Academy
වෙළෙඳපොළ දත්ත වාර්‍තාවලට අනුව, දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්‍ශකය ඒකක 209.38 කින් හෙවත් සියයට 1.05 ක ප්‍රතිශතයකින් පහත වැටී ඒකක 19,717.92 ක් ලෙස සටහන් විය. එමෙන්ම වඩාත් සක්‍රීය සමාගම් නියෝජනය කෙරෙන S&P SL20 දර්‍ශකය ද ඒකක 38.43 කින් හෙවත් සියයට 0.68 කින් පහත වැටී ඒකක 5,618.48 ක් දක්වා අවප්‍රමාණය වී තිබේ. දිනය ආරම්භයේදී දර්‍ශකයන් සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිය ද, වෙළෙඳපොළ සැසිය පුරා ක්‍රමිකව වර්‍ධනය වූ විකුණුම් පීඩනය හේතුවෙන් පස්වරුව වන විට දර්‍ශක දෙකෙහිම අඛණ්ඩ පසුබෑමක් ප්‍රස්ථාරික සටහන් මගින් මනාව නිරූපණය වේ. අද දින වාර්‍තා වූ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් 1,101,637,327.35 ක් (රුපියල් බිලියන 1.10 ඉක්මවූ අගයක්) වන අතර, කොටස් ගනුදෙනු 15,370 ක් සිදු කර තිබිණි. එහිදී හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය 64,277,219 කි.
99mobile