FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

එංගලන්තය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට සංගක්කාරගෙන් උපදෙසක්

FM Heart · 1 min read

The Heart Academy
පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව අත්කර ගන්නා ලද ඓතිහාසික ජයග්‍රහණය ඉහළින් සැමරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා. එමෙන්ම ජයග්‍රහණයේ ප්‍රීතිය විඳගන්නා අතරතුරම, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කණ්ඩායමේ අවධානය යොමුවිය යුතුව ඇති බවයි සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ. ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්‍ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සතු බවයි ඔහු සදහන් කළේ. පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් එංගලන්තය කඩුලු 2කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, එංගලන්තය ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය ජය ගනිමින්. .
99mobile