
ආසියානු පැරා තරග බිමේ T44 මීටර් 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්රී ලංකාවේ ඉන්දික ගමගේට
FM Heart · 1 min read
ආසියානු පැරා ක්රීඩා උළෙලේ T44 මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ඉන්දික ගමගේ අද සමත් වුණා. ඔහු මෙම පදක්කම දිනා ගත්තේ තරගය තත්පර 11යි දශම 5යි 8ක කාලයකින් නිමා කරමින්. මෙය ඉන්දික ගමගේ මෙම තරග සමයේ මෙම ඉසව්වෙන් දැක්වූ ඉහළම දක්ෂතාව ද වනවා. ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11යි දශම 1යි 5ක කාලයකින් තරඟය නිමා කළ සවුදි අරාබි ක්රීඩකයෙක්. ඉන්දීය ක්රීඩකයෙකු එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා. .

