FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් වරදකරු කරයි..

FM Heart · 2 min read

The Heart Academy
51 හැවිරිදි වියේ පසුවන සුරංජිත් සිල්වා නමැත්තා, ඇයගේ කැමැත්තකින් තොරව ඉණ ප්‍රදේශයෙන් අල්ලා ගෙල ප්‍රදේශය සිපගනිමින් ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වී තිබිණි. සන්බරි ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් නිර්‍දෝෂී බව පවසමින් ඔහු දීර්‍ඝ නඩු විභාගයක් ඉල්ලා සිටියද, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ අධිකරණය ඔහු අදාළ වරද සිදුකර ඇති බවට තීන්දු කළේය. අධිකරණය හමුවේ කියවන ලද වින්දිත කාන්තාවගේ ප්‍රකාශයේ දැක්වුණේ, මෙම අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට, අනාරක්ෂිතභාවයට සහ මානසික කම්පනයට පත්වූ බවයි. "එය මගේ පෞද්ගලිකත්වයට සහ සීමාවන්ට එල්ල වූ සෘජු ආක්‍රමණයක්. මා කිසිසේත් කැමති නොවූ හෝ අනුමැතිය නොදුන් දෙයක්. යළි සාමාන්‍ය ජීවිතයට හුරුවීමට මට මාස ගණනාවක් ගතවුණා," යැයි ඇය සිය ප්‍රකාශය මඟින් සඳහන් කර තිබිණි. සුරංජිත් සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඩැනියෙල් සාලා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙය ඔහුගේ "තීරණ ගැනීමේදී සිදුවූ එක්තරා අතපසුවීමක් හෝ දුර්‍වලතාවක්" බවයි. තවද ඔහු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකු වන බැවින්, මෙම වරදකරු වීම ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට සහ වීසා තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, පොලිසිය ඊට දැඩි විරෝධය පළ කළාය. ඇය පෙන්වා දුන්නේ වින්දිත කාන්තාව අසරණ තත්ත්වයක පසුවූ බවත්, සුරංජිත් සිල්වා සිය වරද පිළිගැනීමෙන් වැළකී නඩු විභාගයකට යොමුවීම හරහා වින්දිත කාන්තාවට අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් යළිත් පීඩාවට පත්වීමට සිදුවූ බවත්‍ය. එමඟින් විත්තිකරු තුළ කිසිදු පසුතැවීමක් නොමැති බව පැහැදිලි වන බවද ඇය අවධාරණය කළාය. ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්, විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර ප්‍රජා විශෝධන නියෝගයක් සඳහා වන ඇගයීම් වාර්‍තාවක් කැඳවීමට නියෝග කළ අතර, අවසන් දඬුවම නියම කිරීම ඔක්තෝබර් 26 වන දිනට නියම කළාය.
99mobile