FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ගුරුවරියක් හා පුතා කාමරයක සිරකර වද දීලා.. මාලිමා සභාපති අත්අඩංගුවට...

FM Heart · 1 min read

The Heart Academy
අත්අඩංගුවට පත් සභාපතිවරයා ඇතුළු සැකකරුවන් පිරිස මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන් ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මෙම ගැටුම හටගෙන ඇත්තේ කිරින්ද, වඩිගවත්ත මාර්‍ගයේ පිහිටි අනවසර තාප්පයක් ඉදිකිරීමේ සිද්ධියක් මුල්කරගනිමිනි. එම නීතිවිරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යැයි පවසමින් සහ ඒ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර ඇති බව අඟවමින්, සභාපතිවරයා විසින් අදාළ විශ්‍රාමික ගුරු මව සහ ඇගේ පුත්‍රයා කාමරයක් තුළ සිරකර තබා මෙලෙස අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි හෙළිව ඇත. ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම හමුවේ දැඩි පීඩාවට පත් මව සහ පුතු විසින් තිහගොඩ පොලිස් ස්ථානය වෙත සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇති අතර, ඒ ඔස්සේ පරීක්ෂණ ඇරඹූ පොලිස් කණ්ඩායමක් ඊයේ (22) සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.
99mobile