FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පලිගන්න හිතන්න එපා.. හිරේ යන්න හිත හදාගන්න..- වැලිකඩ ඉන්න නාමල්ට මහින්ද ලියූ ලිපිය මෙන්න.

FM Heart · 2 min read

The Heart Academy
කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා සිය ලේකම්වරයෙකු මාර්‍ගයෙන් ලියා යොමු කළ මෙම විශේෂ ලිපිය, පාර්‍ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මඟින් බන්ධනාගාරයේ පසුවන නාමල් රාජපක්ෂ මහතා වෙත භාරදීමට පියවර ගෙන ඇත. නාමල් රාජපක්ෂ මහතා 2010 වසරේදී සක්‍රීය දේශපාලනයට ප්‍රවිෂ්ට වීමට පෙර ඒ සඳහා තමන්ගෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාව සිහිපත් කරමින් හිටපු ජනාධිපතිවරයා එම ලිපියේ මෙසේ සඳහන් කර ඇත. ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්‍ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ. මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න. දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා. මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්‍රදායයි. මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
99mobile