BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කොරියාවේදී පදක්කම් ත්‍රිත්වයක් දිනූ STF නිලධාරීයා

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ඒ. ඩී. එස්. අමරසිංහ මහතා පදක්කම් ත්‍රිත්වයක් දිනාගෙන තිබේ. පසුගියා දා දකුණු කොරියාවේ සෝල් නුවර ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයේ පැවති 2026 World Taekwondo Hanmadang තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔහු සහභාගී වී ඇත. එහිදී රටවල් 66ක තරගකරුවන් 4,200කට අධික පිරිසක් සහභාගී වූ Side/Back Kick Breaking (M) Senior ඉසව්වෙන් සහ Knife Hand Breaking (M) Senior ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට A.D.S. අමරසිංහ මහතා සමත්ව තිබේ. මීට අමතරව, ජූලි 26 වනදා පැවති 2026 Incheon Songdo International Taekwondo Championships තරගාවලියේ Power Breaking (M) Senior ඉසව්වෙන් රන් පදක්කමක් ද ඔහු දිනාගෙන ඇත. එම තරගාවලියට රටවල් 20ක තරගකරුවන් 1,630 දෙනෙකු සහභාගී වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් තුනක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායට ද කීර්තියක් අත්කර දීමට පොලිස් පරීක්ෂක A.D.S. අමරසිංහ මහතා සමත්ව ඇත.

Google AdSense

In-Article Ad