BREAKING
කොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයිකොළඹ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අයෙක් මිය යයි — විශේෂ වාර්තාවශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රී තරගයට සූදානම්තරුණ ගායකයාගේ නව ගීතය YouTube එකේ ට්‍රෙන්ඩ් වෙයිකාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි
FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට නම්, වන්දි ගෙවීම්, සම්බාධක ඉවත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන නැවැත්වීම ඇතුළු කොන්දේසි අමෙරිකාව සපුරාලිය යුතු බව ඉරානය නැවතත් අවධාරණය කර සිටී. පසුගිය පෙබරවාරි අගදී අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම මුහුදු මාර්ගය වසා දැමීය. ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි ප්‍රකාශ කළේ ඕමානය සමඟ ඇති කරගන්නා ගිවිසුම මගින් නව නාවික මාර්ග තීරණය වන නමුත්, අමෙරිකාව තම ඉල්ලීම් ඉටු කරන තෙක් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවය. අමෙරිකාව ජූනි මාසයේ ඇති කරගත් අතුරු ගිවිසුම කඩකර ඇති බැවින් සෘජු සාකච්ඡා නොපවත්වන බවත්, මැදිහත්කරුවන් හරහා පමණක් පණිවිඩ හුවමාරු වන බවත් ඔහු පැවසීය. කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමන් ඉරානය සමඟ දැඩිව මැදිහත් නොවී, ඔවුන්ගේ ආර්ථික පීඩනය දෙස බලා සිටින බවය. ඇමෙරිකානු ප්‍රහාරවලින් සිදු වූ හානියට වන්දි ගෙවීම. ඉරානයට එරෙහි තර්ජන සහ ඉරාන හිතවාදී පාර්ශ්වයන්ට (ලෙබනනය, පලස්තීනය, යේමනය, ඉරාකය) එල්ල කරන ප්‍රහාර නැවැත්වීම. පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු නාවික වැටලීම් නැවැත්වීම, සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන දේපළ නිදහස් කිරීම.

Google AdSense

In-Article Ad