
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කළේය. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ උපනායකත්වයට කමිඳු මෙන්ඩිස් නම්කර ඇත. ආබාධ තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට නම්කර නොමැති අතර, ඒ හේතුවෙන් කමිඳු මෙන්ඩිස් පළමු තරගයේ උපනායකත්වයට පත්කර තිබේ. මේ අතර කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. 2023 වසරේ මාර්තු මස දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නොමැති අතර, ඒ අනුව ඔහු වසර 3කට පසුව මෙලෙස නැවතත් ටෙස්ට් සංචිතයකට ඇතුළත්ව සිටී. මීට අමතරව අවසන් වරට පැවැති කොදෙව් තරගාවලියට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙන්ම නවක ක්‍රීඩකයින් දෙදෙනෙකුද මෙම සංචිතයට එක්කර ඇත. ඒ අනුව මේ දක්වා කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැති දෙදෙනෙකු වන පසිඳු සූරියබණ්ඩාර (පිතිකරු) හා කේෂර නුවන්ත (තුන්ඉරියව් ක්‍රීඩක) ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන මෙම තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු 15 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ධනංජය ද සිල්වා – නායක ලහිරු උදාර නිශාන් මධුෂ්ක කමිඳු මෙන්ඩිස් – උපනායක දිනේෂ් චන්දිමාල් පසිඳු සූරියබණ්ඩාර සොනාල් දිනූෂ නිරෝෂන් දික්වැල්ල – කඩුලු රකින්නා රමේෂ් මෙන්ඩිස් ප්‍රභාත් ජයසූරිය කේශර නුවන්ත මිලාන් රත්නායක අසිත ප්‍රනාන්දු ළහිරු කුමාර විශ්ව ප්‍රනාන්දු දිල්ෂාන් මධුෂංක
Google AdSense
In-Article Ad

