FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ප්‍රභාකරන්ගේ 72 වන උපන්දිනයට ඔහුගේ ගෙදර කේක් කපයි... උප නගරාධිපතිත් එක්වෙයි

FM Heart · 1 min read

The Heart Academy
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ 72 වන උපන්දිනය (26) යෙදීම නිමිත්තෙන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසෙන ඔහුගේ නිවසේදී උපන්දින කේක් කපා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරූ බවට ප්‍රදේශවාසීන් පවසති. TNPF (දෙමළ ජාතික ජනතා පෙරමුණ) පක්ෂය නියෝජනය කරන වල්වැටිතුරේ නගර සභාවේ උප සභාපති නාගතම්බී පදමනාදන් යන අයගෙ ප්‍රධානත්වයෙන් ඔහුගේ ඥාතීන් ඇතුලු ප්‍රදේශවාසීන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අද දින ප්‍රභාකරන්ගේ උපන්දින කේක් කැපීමේ සැමරුම සිදු විය. ප්‍රභාකරන්ගේ නිවස වටා ඇති තාප්පයේද පෝසටරයක් මගින් ප්‍රදර්‍ශනය කරමින් සඳහන් කොට ඇත්තේ දෙමළ ඊලාම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් ජීවත් වූ නිවස ලෙසටය. එමෙන්ම පසුගිය 2024 වසරේදී පලාත් සභා මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් ඇතුලු පිරිසක් ප්‍රභාකරන්ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් ප්‍රභාකරන්ගේ නිවසේ උපන්දින කේක් කැපීම හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමටද වැල්වැටිතුරෙයි පොලීසිය පියවර ගනු ලැබීය. - රොමේෂ් මධුෂංක
99mobile