
සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන ඇගිලිගැසීම් නිසා බව ලිඛිතව දන්වයි..
FM Heart · 1 min read
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාර දී ඇත. අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අධිකාරිය තුළ අභියෝගාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බව ජාසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දැනුම් දී ඇතැයි වාර්‍තා වේ. 2024 වසරේ දෙසැම්බර් මස 16 වැනිදා බස්නාහිර පළාත් මාර්‍ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයට පත් වූ ගාමිණී ජාසිංහ මහතා, සිය ධුර කාලය තුළ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂී පියවර රැසක් ගනු ලැබීය. විශේෂයෙන්ම බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂා කිරීම් ක්‍රියාත්මක කිරීමටත්, 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩපිළිවෙළ යටතේ බස් රථවල විනය හා ප්‍රමිතිය ඉහළ නැංවීමටත් ඔහු ක්‍රියාකාරීව මැදිහත් විය.

