
ඉතාලි ජාතිකයන් දෙදෙනකු මරුමුවට පත් කළ කුවේට් ඩ්‍රෝන ප්‍රහාරය බ්‍රිතාන්‍යය හෙළා දකී
FM Heart · 1 min read
ඉතාලි ජාතිකයන් දෙදෙනකු මරුමුවට පත් කරමින් කුවේටයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරය බ්‍රිතාන්‍යය විසින් හෙළා දැක තිබෙනවා. මැද පෙරදිග, උතුරු අප්‍රිකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය භාර බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය ස්ටීවන් ඩවුටි සිය ‘එක්ස්‘ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ, මෙවැනි නොසැලකිලිමත් ප්‍රහාර කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. එමෙන්ම කුවේටය, ඉතාලිය සහ පීඩාවට පත් සියලු දෙනා සමඟ බ්‍රිතාන්‍යය ස්ථිරව සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. කුවේටයට එල්ල වූ එම ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයෙන් තවත් ඉතාලි ජාතිකයන් සිව්දෙනකු තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්‍තා කළේ. .

