FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දිට්වා ඇවිත් අවුරුද්දයි – තවත් කුණාටුවක් අත ළඟ

FM Heart · 2 min read

The Heart Academy
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිපත් කරමින් පාර්‍ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවක් පැවැත්වුණා. ඒ, අද පෙරවරුවේ පාර්‍ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි. පසුගිය වසරේ නොවැම්බර් 25 වනදා හටගත් දිට්වා සුළි කුණාටුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වුණා. ඒ අනුව ඇති වූ තද වැසි, තද සුළං සහ නායයෑම් හේතුවෙන් මාර්‍ග පද්ධති, නිවාස සහ වගාබිම් රැසකට එල්ල වූයේ දැඩි විනාශයක්. එවන් පසුබිමක් තුළ පුද්ගලයින් 650කට අධික පිරිසකට දිවි අහිමි වුණා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේද පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව පවසනවා. එමෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ලබන 29 වනදා හට ගනු ඇතැයි අපේක්‍ෂා කරන කැළඹිලි ස්වභාවය දෙසැම්බර් 2 වනදා වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්‍ධනය වනු ඇති බවයි කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ. ”බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආබදව කැළඹිලි ස්වභාවයක් හට ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා . නොවැම්බර් විසිනවවැනිදා වගේ වන විට එම කැළඹිලි ස්වභාවය වර්‍ධනය වී, දෙසැම්බර් එක, දෙක වගේ වන විට පීඩන කලාපයක් දක්වා වර්‍ධනය වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බවයි සඳහන් වන්නේ . මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් විශේෂයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා . එමෙන්ම ධීවර සහ නාවික ප්‍රජාවටත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි දැනුම් දී ඇත්තේ . අද දවසේ දිවයිනේ කාලගුණය සැලකීමේදී උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේවි යැයි බලාපොරොත්තු වනවා . දිවයිනේ සෙසු ප්‍රදේශ ගත්තොත්, ඒවායේ හවස එකට පමණ පස්සේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේවි . මේ අතරින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියය ඉක්මවා ගිය තද වැසි අද දිනයේ අපේක්ෂා කරනවා .
99mobile