FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහනුවර, අකුරණ ජලයෙන් යටවෙයි..

FM Heart · 1 min read

The Heart Academy
ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අතර ඇදහැළුණු අධික වර්‍ෂාවත් සමඟ මහනුවර - යාපනය මාර්‍ගයේ අකුරණ නගරය ජලයෙන් යටව පැවති අතර, පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ මාර්‍ගය ද ජලයෙන් යටවී තිබූ බව වාර්‍තා වේ. අද පස්වරු 6.00ට පමණ නගරය ජලයෙන් යටව තිබූ බැවින් අදාළ මාර්‍ගයේ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබිණි. එමෙන්ම ජල ගැලීම් හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථාන තුළට ද ජලය ගලා ඒම නිසා අලාභහානි රැසක් සිදුව ඇති බව ව්‍යාපාරිකයන් ප්‍රකාශ කර ඇත.
99mobile