
මාලිමා සභාපතිගේ සොහොයුරාගේ වැලි ජාවාරමක් ගැන කියා සභාව උණුසුම්..
FM Heart · 3 min read
පුනරාවර්තන ආදායම රු.292,657,882 වන අතර පුනරාවර්තන වියදම රු.292,657,040 වේ. අයවැය සම්මත කිරීමට පැවැත්වූ විවෘත ඡන්දයෙන් අයවැයට පක්ෂව ඡන්ද 09ක් ලැබුන අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනා විපක්ෂව ඡන්දය භාවිතා කරන ලදී. අයවැයට පක්ෂව ස්වාධීන කණ්ඩායම් අංක 02 පාපන්දුව ලකුණ යටතේ තරග කළ කණ්ඩායම මන්ත්‍රී 05 , ස්වාධීන කණ්ඩායම් අංක 01 ලබාගත් මන්ත්‍රීවරුන් 02ක්, එක්සත් ජාතික සන්ධානයේ මන්ත්‍රී 01, සමග ජන බලවේගයේ 01 ක් ඡන්දය භාවිතා කළහ. සමගි ජන බලවේගයේ එක් මන්ත්‍රීවරයකු සභාවට පැමිණ සිටියේ නැත. අයවැය විවාදයේදී සමග ජන බලවේගයේ එම්. මන්සිල් මන්ත්‍රීතුමා සභාවට දන්වා සිටියේ පක්ෂයේ මහ ලේකම් තුමන්ගේ දැනුම් දීමට අනුව අයවැයට පක්ෂව ඡන්දය ලබා දෙන බවත් සමගි ජන බලවේගය නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරයා සභාවට නොපැමිණීම පිළිබඳ පක්ෂයට දැනුවත් කරන බවත්ය. එයට පිළිතුරු සපයමින් නාවලපිටියේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ තමාට සභාව පිහිටවීම සඳහා සමග ජන බලවේගයේ සහාය හිමි වූ බවත් කිසිදු හේතුවක් නොමැතිව අද දිනයේ සභාවට සමගි ජන බලවේගයේ එක් මන්ත්‍රීවරයකු නොපැමිණීම පිළිබඳ තම කණගාටුව ප්‍රකාශ කරන බවත්ය. එසේම පසුගිය අරගල සමයේදී තම නිවසට පහරදීමට ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ නායකයන් විසින් උපදෙස් දී නොතිබූ බවත් , සමගි ජන බලවේගයේ වැඩ බලන සංවිධායකවරයා හා තමන් සමග මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග දේශපාලනය කර ඉන් ඉවත්ව ජා.ජ.බ. ට සාමජික ලෙස එක්තු වූ පිරිසක් විසින් පහරදීම සැලසුම්කර බව තමාට දැන ගැනීමට හැකිවූ බවත්ය. ඒ අසුරබලී(ජ.ජා.බ) ;මන්ත්‍රීවරයා අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් හට සාමාජික කාඩ් පත් නිකුත් නොකරන බවත් මෙරට විනාශයට පසුගිය කාලයේ රට පාලනය කර " කාලකන්නි " ගේ ක්‍රියා කලාපයේ හේතු වූ බවත් ප්‍රකාශ කිරීමත් සමඟ සභාවඋණුසුම් විය. චමින්ද හෙට්ටිආරච්චි (ස්වාධීන අංක 02) මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගය සුපිරි සුදුදේශපාලන භාවිතාවක් ඇති බවට නිතර සභාවට දැන්වීමට අසුරුබලී මන්ත්‍රීවරයා උත්සාහ කලත් පසුගිය 21 වන දින නාවලපිටිය පොලිසිය මගින් අනවසර වැලි ප්‍රවාහනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොරි රථයක් මුදා හල බව ත් ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට ජාතික ජන බලවේග ආසන සංවිධායක තිලක් සිරසේනන මහතාට දන්වා සිටියහ. මෙම වැලි ප්‍රවාහනය කරන ලද ලොරි රථය ජාතික ජන බලවේගයට බලය හිමි පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතාගේ සොහොයුරාගේ බවත් රථය අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවා තබා ගත්තත් ඒ පිළිබඳ පොලිසියේ කිසිදු ලිඛිත දැනුවත් කිරීමක් නොමැති බවත් ප්‍රාදේශීය ලේකම්තුමිය පොලිස් ස්ථානාධිපතිතුමන් දැනුවත් කළ බවට එතුමියගේ සටහන පමණක් ඉතිරිව තිබෙන බවත් ප්‍රකාශ කළ සිටියහ. .එසේම ඔවුන් විසින් ලබා දී තිබෙන වැලි බලපත්‍රය නිල මුද්‍රා වෙනස් කරන ලද්දක් බවත්ය. නීතිය සැමට සමාන නම් ජාතික ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයකු මුල්වී සිදු කරන මෙම වැලි ජාවාරම පිළිබඳ විමර්ශනයක් සිදු කරනලෙසත් ආසන සංවිධායකවරයා ලෙස ඉතිහාසයේ කීර්ති නාමයක් අත් කරගෙනසිටින තිලක් සිරිසේන මහතාට මේ ලැජ්ජාවක් වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.... ජාතික ජන බලවේග ආසන සංවිධායක තිලක් සිරිසේන මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තමන් මුල් වන බවයි.

