
පිටි කිලෝවක වැඩි කල මිල පරාටා තුනෙන් පන්නයි.. පරාටාවක් රුපියල් පහකින් මිල ඉහලට..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
තිරිඟු පිටි මිල ගණන්වල සිදුවූ ඉහළ යාම හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමේ නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන එම සංගමය, පවතින වියදම් කළමනාකරණය කරගැනීම උදෙසා දිවයින පුරා පිහිටි සියලු ආපනශාලාවල මෙම නව මිල සංශෝධනය ක්රියාත්මක කිරීමට තීරණය කළ බව සඳහන් කරයි. ගෝලීය වෙළෙඳපොළේ තිරිඟු මිල උච්චාවචනය වීම සහ මෙරට ආනයන හා මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙන්, දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල ඊයේ (20) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි රුපියල් 13කින් ඉහළ දැමීමට තිරිඟු පිටි ආනයනකරුවන් පියවර ගෙන තිබිණි. එම මිල වැඩිවීමේ සෘජු ප්රතිඵලයක් ලෙස මෙලෙස ආපනශාලා කෙටි ආහාරවල මිල ඉහළ දැමීමට සිදුව ඇත.
Google AdSense
In-Article Ad

