FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පිටි මිල වැඩි කිරීම අපි දන්නෙත් මාධ්‍යවලින්... වැඩි මිලට වික්කොත් අල්ලනවා..- පාරිභෝගික අධිකාරිය

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වූ වාර්‍තා ඔස්සේ මෙම මිල වැඩිවීම පිළිබඳව කරුණු අනාවරණය වූ වහාම, ඒ සම්බන්ධයෙන් මෙරට තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් වෙතින් ලිඛිතව මෙන්ම විද්‍යුත් තැපෑල ඔස්සේද කරුණු විමසීමට පියවර ගත් බව සභාපතිවරයා සඳහන් කළේය. එම සමාගම් මඟින් මෙලෙස මිල සංශෝධනයක් සිදු කර තිබේද, එසේ වැඩි කර ඇත්නම් ඒ කවර මුදලකින්ද සහ ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය පූර්‍ව දැනුවත් කිරීමක් සිදු නොකළේ මන්දැයි ලිඛිතව දන්වන ලෙස එම නිවේදනය මඟින් ඉල්ලා ඇත. අදාළ සමාගම් ලබා දෙන පැහැදිලි කිරීම් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ඉදිරි නීතිමය පියවර ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බවද හෙතෙම අවධාරණය කළේය. මේ අතර, තිරිඟු පිටි සඳහා මේ වන විට ස්ථාවර පාලන මිලක් නියම කර නොමැති වුවද, පැරණි මිල ප්‍රදර්‍ශනය කරමින් ඊට වඩා වැඩි මිලකට අලෙවි කිරීම සහ පාරිභෝගිකයන් අපහසුතාවට පත් කරමින් වැඩි මිලට පිටි අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්ෂණික වැටලීම් ක්‍රියාත්මක වන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad