FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලංකාවෙත් සිසුන්ට තියෙන්නෙ ප්‍රංශයේ වගේ තත්වයක්.. ප්‍රංශ විරෝධතාවලට ලංකාවෙ අන්තරේ සහය දෙයි..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්ගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ, අධ්‍යාපනය යනු කිසිසේත්ම වරප්‍රසාදයක් නොව මූලික මානව අයිතිවාසිකමක් බවත්, ප්‍රංශ ශිෂ්‍යයන්ගේ සාධාරණ අරගලය සමඟ ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව කොන්දේසි විරහිතව පෙළගැසෙන බවත්‍ය. අදාළ ලිපිය මඟින් පෙන්වා දෙන පරිදි, ප්‍රංශයේ පවතින ගැඹුරු අධ්‍යාපන අර්‍බුදය හමුවේ එරට පාසල් 400කට අධික සංඛ්‍යාවක් වැසී යාමේ හෝ ක්‍රියාකාරීත්වය අඩාල වීමේ තර්‍ජනයට මුහුණ පා ඇත. නිදන්ගත ගුරු හිඟය, පන්ති කාමරවල පවතින අධික තදබදය, නඩත්තුවකින් තොරව අබලන් වූ පාසල් ගොඩනැගිලි සහ අධ්‍යාපනය සඳහා රජය වෙන් කරන ප්‍රතිපාදන අඛණ්ඩව කප්පාදු කිරීමට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් දීපව්‍යාප්ත දැවැන්ත විරෝධතාවලට එක්ව සිටිති. එහෙත්, එම සාධාරණ ගැටලුවලට අර්‍ථවත් විසඳුම් දෙනු වෙනුවට කැරලි මර්‍දන පොලීසිය යොදවා පාසල් දොරටු අභියසදීම කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර සහ අසීමිත ප්‍රචණ්ඩත්වය යොදා ශිෂ්‍යයන් මර්‍දනය කිරීමට ප්‍රංශ රජය කටයුතු කර ඇතැයි අන්තරය චෝදනා කරයි. විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා බහුතරයක් බාලවයස්කාර පාසල් සිසුන් ඇතුළු 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, විරෝධතාවලදී සිදුවන හානි සඳහා දෙමව්පියන්ගෙන් වන්දි අයකරගන්නා බවට තර්‍ජනය කරමින් සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරාලීමට පියවර ගෙන ඇති බවද ලිපියේ සඳහන් වේ. මෙම අර්‍බුදය ප්‍රංශයට පමණක් සීමා වූවක් නොව, සමාජ සුබසාධනය පසෙකලා ලාභය පමණක් මුල් කරගත් ධනවාදී ආර්‍ථික ක්‍රමයේ සමස්ත බිඳවැටීමක් බව පෙන්වා දෙන ශිෂ්‍ය බලමණ්ඩලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය ඇතුළු සමස්ත කලාපය පුරාම සිසුන්ට අධ්‍යාපන අයිතීන් උදෙසා වීදි බැසීමට සිදුව ඇති බව ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළද යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හරහා සිසුන් 100ට අඩු පාසල් 3,000කට වැඩි ප්‍රමාණයක් ඒකාබද්ධ කිරීම හෝ වසා දැමීමේ අවදානම, පවතින උග්‍ර ගුරු හිඟය, අයවැය ප්‍රතිපාදන කප්පාදුව සහ ජීවන වියදම ඉහළ යාම හමුවේ මෙරට සිසුන්ද සමාන පීඩනයකට ලක්ව සිටින බව ලිපිය මඟින් පෙන්වා දී තිබේ. ප්‍රංශ රජය විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන දැඩි රාජ්‍ය මූල්‍ය කප්පාදු, විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් සීමා කිරීම් හමුවේ පසුගිය මාස කිහිපය පුරා එරට පාසල් හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව දැවැන්ත වැඩවර්‍ජන සහ විරෝධතා රැල්ලක් හටගත්තේය. විරෝධතා දැක්වූ සිසුන්ට එරෙහිව එරට පොලීසිය කඳුළු ගෑස් සහ අත්අඩංගුවට ගැනීම් හරහා දැඩි මර්‍දනයක් දියත් කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල මෙන්ම ගෝලීය ශිෂ්‍ය ව්‍යාපාරවලද දැඩි විවේචනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය දේශසීමා ඉක්මවා යමින් අධ්‍යාපන අයිතීන් සුරැකීම වෙනුවෙන් ගෝලීය ශිෂ්‍ය අරගල සමඟ සහයෝගීතාව පළකිරීමේ දිගුකාලීන සම්ප්‍රදායක නිරතව සිටියි.

Google AdSense

In-Article Ad