FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ශ්‍රී ලන්කන් මෙහෙයුම් පද්ධතියක් හැකරුන් අතේ.. ඔ්නම වෙලාවක බිම හෙලිය හැකියි.. ඩාක් වෙබ් හරහා කප්පම් ඉල්ලයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පාර්‍ලිමේන්තු සභාවාරය අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පසුගිය ජූනි 28 සහ 29 යන දිනවලදී ‘බ්ලැක්නෙට්’ නමැති සංවිධානාත්මක හැකර් කල්ලියක් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිය මුළුමනින්ම සිය ග්‍රහණයට ගෙන ඇති බවයි. එම ප්‍රහාරය තහවුරු කරමින් අදාළ හැකර්‍වරුන් Dark Web හරහා වීඩියෝ පටයක්ද මුදාහැර ඇති බව හෙතෙම සඳහන් කළේය. එම පද්ධතිය යළි නිදහස් කිරීම සහ සාමාන්‍ය භාවිතයට ඉඩදීම වෙනුවෙන් හැකර්‍වරුන් විසින් බිට්කොයින් ක්‍රිප්ටෝ මුදල් මාධ්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් 50,000 ක (රුපියල් කෝටි එකහමාරකට අධික) කප්පම් මුදලක් ඉල්ලා ඇතැයිද ජයසේකර මහතා හෙළි කළේය. ගුවන් සමාගමේ සේවකයන්ගේ සියලුම විද්‍යුත් තැපැල් පද්ධති පවා මේ වන විට හැකර්‍වරුන් අතට පත්ව ඇති අතර, පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා තිබූ විද්‍යුත් තැපැල් ආරක්ෂණ පද්ධතියද හදිසියේම අක්‍රිය කර තිබූ බව හෙතෙම කියා සිටියේය. "අදටත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිය ගැන කිසිම විශ්වාසයක් තබන්න බැහැ. හැකර්‍වරුන්ගේ අතේයි පාලනය තියෙන්නේ. ඔවුන්ට ඕනෑම වෙලාවක මේ පද්ධතිය බිඳවට්ටලා ගුවන් මෙහෙයුම් කඩාකප්පල් කරන්න පුළුවන්. මෙය රටක් හැටියට දැවැන්ත ජාතික අර්‍බුදයක්," යැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මෙම බරපතළ සයිබර් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට උත්සාහ කළ නිලධාරියාට විරුද්ධව මේ වන විට ජනාධිපති ලේකම් කාර්‍යාලය හරහා පරීක්ෂණයක් ආරම්භ කරමින් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා නැඟීය. එමෙන්ම, සිංගප්පූරුවේ ස්ථානගතව සිටින ඇමෙරිකානු ආරක්ෂක උපදේශක අංශ විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සයිබර් පද්ධතිය යථා තත්ත්වයට පත් කර දීමට උපකාර කිරීමට සූදානම් බව දැනුම් දී තිබුණද, ශ්‍රී ලංකා බලධාරීන් අද වනතුරුත් එම සහාය ලබාගැනීමට කටයුතු නොකිරීම සැකකටයුතු බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පාර්‍ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad