FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

Adobe, MS Office එකවර හාන්සියි.. කෘතිම බුද්ධියෙන් නොමිලේම පැකේජ් එකක්...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

බ්‍රැන්ඩන් තෝමස් නමැති පරිගණක වැඩසටහන් ශිල්පියා විසින් ‘ArtCraft’ නමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ඇඩෝබි සමාගම සිය ‘Creative Cloud’ මෘදුකාංග සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් මාසිකව අධික මුදලක් අය කිරීම සහ එම සේවාව අතරමගදී අවලංගු කිරීමට යාමේදී කොන්දේසි පනවා අසාධාරණ ලෙස විශාල දඩ මුදල් අය කිරීමේ පිළිවෙතට විරෝධය පළකිරීම මෙම නිර්‍මාණයේ මූලික අරමුණ වී ඇත. තවද, ලිනක්ස් (Linux) මෙහෙයුම් පද්ධතිවල දැනට පවතින විවෘත මෘදුකාංග (GIMP, Krita ආදී) ප්‍රමාණවත් තරම් නවීන පහසුකම්වලින් සමන්විත නොවීමද මෙවැනි නව විකල්පයක් කඩිනමින් නිර්‍මාණය කිරීමට ඔහුව පෙලඹවූ ප්‍රධාන හේතුවකි. සාමාන්‍යයෙන් ෆොටෝෂොප් වැනි සංකීර්‍ණ මෘදුකාංගයක් නිර්‍මාණය කිරීම සඳහා විශාල ඉංජිනේරු කණ්ඩායම්වලට වසර ගණනාවක කාලයක් සහ අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවේ. එහෙත්, ක්ලෝඩ් (Claude) වැනි දියුණු කෘත්‍රිම බුද්ධි මෙවලම් මගින් පරිගණක කේත ලිවීම සහ දෝෂ නිරාකරණය කිරීම අතිශය කඩිනම් කරගත හැකිවීම හේතුවෙන්, බ්‍රැන්ඩන් තෝමස් සහ ඔහුගේ සුළු පිරිසකගෙන් යුත් කණ්ඩායමට දින කිහිපයක් තුළ ෆොටෝෂොප් ඇතුළු මෘදුකාංග 7 ක ආකෘතීන් ගොඩනැගීමට හැකිවී තිබේ. මෙම මෘදුකාංග එකතුවේ ඇති ‘PhotoCraft’ මෘදුකාංගය ෆොටෝෂොප් මෘදුකාංගයට බෙහෙවින් සමාන පෙනුමකින් හා ලේයර් (layers), ෆිල්ටර් (filters) සහ PSD ගොනු විවෘත කිරීමේ හැකියාවෙන් යුක්තය. මෙම මෘදුකාංග තවමත් මූලික අත්හදා බැලීමේ (Early Alpha) මට්ටමේ පවතින බැවින් සංකීර්‍ණ කාර්‍යයන් සඳහා වෘත්තීය මට්ටමේ භාවිතයට තවමත් සම්පූර්‍ණයෙන්ම සූදානම් නැතත්, ඉදිරි මාස කිහිපය තුළදී ඇඩෝබි මට්ටමටම මෙම මෙවලම් සංවර්‍ධනය කිරීමට හැකිවනු ඇතැයි නිර්‍මාණකරුවා විශ්වාසය පළ කරයි. ඇඩෝබි මෘදුකාංගවලින් පමණක් නොනැවතුණු බ්‍රැන්ඩන් තෝමස්, ලොව ජනප්‍රියම කාර්‍යාලීය මෘදුකාංග කට්ටලය වන මයික්‍රොසොෆ්ට් වර්‍ඩ්, එක්සෙල් සහ පවර්‍පොයින්ට් (Word, Excel, PowerPoint) සඳහාද ‘WordCraft’, ‘GridCraft’ සහ ‘DeckCraft’ නමින් විකල්ප මෘදුකාංග පෙළක් සකස් කරමින් සිටින අතර ඒවායේ මුල් සංස්කරණද මේ වන විට නොමිලේ බාගත කරගත හැකි මට්ටමේ පවතී. කුඩා කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට වුවද කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් දැවැන්ත සමාගම් සමග තරග කළ හැකි මට්ටමේ විකල්ප මෘදුකාංග ඉතා අඩු වියදමකින් තැනීමට හැකි බව මෙම ව්‍යාපෘතිය මගින් ඔප්පු කර ඇතැයි තාක්ෂණික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙය ගෝලීය මෘදුකාංග දැවැන්තයින් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ආ අධික මාසික ගාස්තු අය කිරීමේ ව්‍යාපාරික ආකෘතිය දැඩි අර්‍බුදයකට ලක් කරනු ඇතැයි සැලකේ.

Google AdSense

In-Article Ad