
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද...- නාමල්
FM Heart · 7 min read
Google AdSense
After Featured Image
ඔහු මේ බව ප්රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාකපක්ෂ මහතා. බොහොම ස්තුතියි ගරු නියෝජ්ය කථානායකතුමනි, දැන් ගරු නියෝජ්ය කථානායකතුමනි උගුරට හොරා බෙහෙත් බොනවා. දැන් මේ පරිසර අමාත්යාංශය කරපු ඒවා ගැන කතා කරනවා. දැන් මෙතන ප්රශ්නේ තියෙන්නේ කාවන්තිස්ස ඇතාට වෙඩි තියපු එක. මාසයක් හමාරක් යනකන් ඒ පිළිබඳ අවධානය යොමු නොවෙච්ච එක. අපි දන්නවා අලි මංකඩවල් සුද්ධ කරන්න ඕනේ. හැම ආණ්ඩුවක්ම කාලානුරූපව ඒක කරගෙන එනවා. හැබැයි කවුද තුවක්කු දුන්නේ? ඔබතුමාලාගේ අමාත්යවරයා තුවක්කු දීලා එන සත්තුන්ට වෙඩි තියන්න කියලා පාර්ලිමේන්තුව ඇතුළේ කියලා අර ජනාධිපතිතුමා කිව්වා වගේ සමහරවිට මෙයා පාර්ලිමේන්තුවේදී කියන්නෙ බොරු කියලා ජනාධිපතිතුමා කිව්ව එක තේරුම් ගත්තාද දන්නේ නැහැ තහඩුවක් ගියොත් ලක්ෂ දහයක් දෙනවා කිව්වා වගේ දිට්වා වෙලාවේ. හැබැයි ඉතින් ඇමතිවරයා උපදෙස් දීලා තමන්ගේ හේනට පැලට ගෙදරට සතෙක් ආවොත් වෙඩි තියන්න කියලා ඒකට තුවක්කුත් දීලා දැන් එනවා මෙතන මේ ඒක කොහොමද වුණේ කියලා කියන්න, මොනවද කරේ කියලා කියන්න. ඒ හින්දා ගරු නියෝජ්ය කථානායකතුමනි මෙතැන පැහැදිලිවම මේ තුවක්කු දීම තුළ වෙඩි තැබීමක් වෙලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි ඉතින් අද ඔබතුමාලා මේ සංවිධානාත්මක අපරාධ නවත්වන්න පනත් ගැන කතා කරනවා. හැම හන්දියක් ගානේම වෙඩි තියලා යනවා, එක පිට එක මරලා දානවා. ඉතින් අහවල් සත්තුන්ටත් වෙඩි තියන්න එක අහන්න දෙයක්ද? ඔව්, විනාශ වෙනවා තමයි ඔයාලට කියනකොට මොකද කවුද තියන්නේ කියලා ඔයාලා දන්නවනේ. නැද්ද මන්ත්රීතුමා? තියෙන කට්ටිය කවුද, තුවක්කු දුන්නේ අය කවුද, ඒ අයව රකින්නේ කවුද කියලා දන්නවා. ඒවා වෙලාවට එළියට එයි. ඒවා ඔව් ඔව් කික් කික් කික් ගගා ඉන්න. වෙලාවට එනකොට තමයි කට්ටියට දුවන්න පාරවල් හොයාගන්න බැරි වෙන්නේ කර නියෝජ්ය කථානායකතුමනි. අද කාවන්තිස්ස ඇතාට වෙච්ච අසාධාරණය හෙට අනිත් සත්තුන්ට වෙන්න ඉඩ තියන්න එපා. දැන් ඔබතුමාලා තාක්ෂණය ගැන කතා කරනවා, ආ දැන් පහුගිය කාලේ අග්බෝ ඇතා නැති වෙලා කියලා හොයන්න ගියා හතර වටේ, දැන් තාක්ෂණය පාවිච්චි කරන්න. තාක්ෂණය පාවිච්චි කරලා මොනිටරින් සිස්ටම් එකක් දාන්නේ නැතුව මොනවද කරන්නේ ඒකට මුදල් වෙන් කරන්න. ආයේ මෙතනට ඇවිල්ලා මේ අර ඉතිහාසය ඔය සුරංගනා කතා අපි අහලා තියෙනවනේ, දැන් ආර්ථිකය ගැන කියපු සුරංගනා කතා. අද වෙනකොට අද වෙනකොට උද්ධමනය 8%යි මේ මාසේ. ආහාර වල වියදම 8%යි, උද්ධමනය 8%යි. අසීමිත බදු ප්රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරන්නේ, ජනතාවට දරාගන්න බැහැ. අනිත් පැත්තෙන් මොකක්ද? විරැකියාව වැඩි වෙනවා, කර්මාන්තශාලා වැහෙනවා. දැන් බලයට ආපු ගමන් එක සමාගමක් එළව ගත්තා, ඉන්දියානු සමාගමක්. ඔන්න දැන් තවත් චීන සමාගමකුත් ගිහිල්ලා. ආ හොඳ විදේශ ප්රතිපත්තියක් අනුගමනය කරනවා කියලා කියන්න හොඳයි එයා ගියපු හින්දා මෙයත් යැව්වා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබතුමාලාගේ න්යායපත්රය මොකක්ද? ඔබතුමාලා එක පැත්තකින් මේ රටේ ආයෝජකයෝ ගේනවා, ආයෝජකයෝ ප්රවර්ධනය කරනවා කියනවා, අනිත් පැත්තෙන් ඉන්න ආයෝජකයෝ හැරිලා යනවා. හැරිලා යනවා විතරක් නෙමෙයි ගරු නියෝජ්ය කථානායකතුමනි, හැරිලා යන ආයෝජකයා වන්දිත් ගන්නවා. ලැජ්ජයි, ඔව්, ලැජ්ජයි, වන්දිත් ගන්නවා. හැබැයි එවැනි ප්රතිපත්තියක් තුළ මේ රටේ ජනතාව පිට තවදුරටත් පීඩනය දාන්න එපා ගරු නියෝජ්ය කථානායකතුමනි, තවදුරටත් පීඩනය දාන්න එපා. අපි දැන් ඔබතුමන්ලා ඇවිල්ලා බලයට ඇවිල්ලා දැන් අවුරුදු දෙකයි. එක පැත්තකින් විරැකියාව ප්රශ්නේ තාම උපාධිධාරීන්ගේ රැකියා ප්රශ්නේ. තවත් පැත්තකින් ගමේ තරුණයාගේ ගැටළුව. තවත් පැත්තකින් කෘෂිකර්මාන්තය, ගොවියා අසරණ වෙලා, පොහොර ටික නැහැ, මිල නැහැ. මේ කාරණාවට ඔබතුමන්ලා මැදිහත් වෙන්නේ කොහොමද? දිට්වා වන්දි එනකොට ඒකෙන් සියයට පොඩි ප්රමාණයයි වියදම් වෙන්නේ. ඉතුරු ටික හැරිලා යනවා, කරගන්න බැරි වෙලා. කරගන්න බැරි වෙලාද ඔබතුමාලාට කරන්න උමනාවක් නැද්ද කියන ප්රශ්නේ අහන්න වෙනවා. දැන් මේ මහා ලොකු නීතියක් ගැන කතා කරනවනේ, ඉතින් ඔබතුමාලා නීතිය ක්රියාත්මක කිරීම ගැන අපි දන්නවා, කොහොමද වෙන්නේ කියලත් අපි දන්නවා, පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලත් අපි දන්නවා. ඇඟ බේරගන්න එක එක්කෙනාට මේක බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා. මොකද ඔබතුමන්ලාගේ න්යායපත්රය අපි දන්නවා. ගරු කථානායකතුමනි, දැන් ඔබතුමාලාව මහා ලොකු කයිවාරු ගහනවා නම් අර ගල් අඟුරු නැව් 19ක් බාල වුණානේ, දෙකක් ගිල්ලනේ, ගිල්ලේ කවුද කියලා කියන්නකෝ? දැන් ජනාධිපතිතුමා කිව්වනේ කාල බැලුවේ නැහැ කියලා බලනකොට ගිල්ලලානේ. ආයේ ගිලපු එකක් කාල බලන විදියක් නැහැනේ, බඩටම ගිහිල්ලානේ. උගුරෙන්ම ගිහිල්ලා. උගුරෙන්ම ගිහිල්ලා. ගල්අඟුරු නැව් දෙකේ ගිල්ලේ කවුද? දැන් ඒකේ පාඩුව විඳින්නේ කවුද? ජනතාව. විදුලිය කැපෙනකොට විදුලි බිල් වැඩි කරනකොට කවුද ඒ ගෙවන්නේ? රටේ ජනතාව. ඉතින් ඔබතුමන්ලා ඒක අනිත් පැත්තට රටේ ජනතාව පිට දානවා, විදුලියත් කපනවා. දැන් බලයට එනකොට කියපු කතා ගරු නියෝජ්ය කථානායකතුමනි, බලයට ආවට පස්සේ ඒවා නැහැ, මොකද ඒවා ඔබතුමන්ලාට දැන් මතක නැහැ. ඔබට ඒක මතක නැහැ. ඒ හින්දා පැහැදිලිව අපි කියන්නේ මේ රටේ අද මේ රටේ ගමේ ඉන්න ජනතාවට ආර්ථික ප්රශ්නයක් තියෙනවා. විරැකියා ප්රශ්නයක් තියෙනවා. ජීවන වියදම ප්රශ්නයක් තියෙනවා. ඒක ඔබතුමන්ලාට විහිළුවක් වෙන්න පුළුවන්. ඔබතුමන්ලාගේ දේශපාලන න්යාය ඇතුළේ පුරුදු උද්ඝෝෂණය කරලා විතරයි. ඉතින් ඔබතුමන්ලා අදත් කරන්නේ උද්ඝෝෂණය කරන එක විතරයි. ඔබතුමන්ලාට හිතවත් නිලධාරීන් දාගත්තා, ඒ අයටම මේ ආයතන දුවන්න පුරුද්දක් නැහැ, දැනුමක් නැහැ, මොකද විපක්ෂ ඉන්න කාලේ ඉඳන් ඔබතුමන්ලා වෙනුවෙන් නෙමෙයි ආයතන කඩාකප්පල් කරපු එක විතරයි. ප්ලග් එක ගහනවා වෙනුවට ප්ලග් ගලවපු එක කරේ, ප්ලග් ගලවපු අයම තනතුරු වල වාඩි කරාම විදුලිය කැපෙනවා තමයි. කලින් කැප්පෙව්වා, දැන් කපනවා, ඇයි වැඩේ කරගන්න තේරෙන්නේ නැහැ. ඒ හින්දා ගරු නියෝජ්ය කථානායකතුමනි, පැහැදිලිවම අපි ඔබතුමන්ලාට කියන්නේ අද වර්තමානයේ මේ රටේ දැවැන්ත පීඩනයක ග්රාමීය ජනතාව ජීවත් වෙන්නේ කියන එකත් මතක තබා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ පහුගිය කාලසීමාව තුළ මේ එක්නැලිගොඩ නඩු තීන්දුව, එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් 2019 නඩුවේ, එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් මොකක්ද කියන්නේ? ඒ කාලේ පැහැදිලිවම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයක යනකොට කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු එක්ක, කැබිනට් අමාත්යවරුන් එක්ක හෝ ඝාතනය කරන්න සැලැස්මක් තිබ්බා කියලා කියනවා. ඒක ඒක කියනකොට ඉතින් ඔයාලට හිනා, මොකද ඔයාලට ටියුන්. ඒක වුණා නම් ඒක වෙනකන්නේ බලන් හිටියේ, ගරු නියෝජ්ය කථානායකතුමනි, ඒක වෙනකන් බලන් ඉඳලා තියෙන්නේ. ඒකට විරුද්ධව යම් ප්රකාශයක් කරපු හඬක් නගපු ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව දුන්නම, ආ දැන් ජනාධිපති සමාව දීම පිළිබඳව ඔබතුමන්ලා නිර්වචනය කරනවා. කලින් ජනාධිපතිවලට වරද්දලා දීලා තියෙනවා නම් දැන් හදන්න පුළුවන්නේ, ඇයි හදන්න බැරි? ඇයි හදන්න බැරි? දැන් ඔබතුමන්ලා එක පැත්තකින් මහා සංඝරත්නයට අගෞරව කරනවා, මඩ ගහනවා. ඔබතුමන්ලා ජාතිවාදය අවුස්සන්නේ නැහැ කියන න්යායපත්රය ඉස්සරහට දාගෙන ජාතිවාදය අවුස්සනවා. ඔබතුමන්ලා හිතනවා නම් ගරු නියෝජ්ය කථානායකතුමනි මම මේ නැවත වතාවක් මතක් කරනවා ආණ්ඩුවට, ඔබතුමන්ලා හිතනවා නම් මේ රටේ බහුතරයක් ඉන්න බෞද්ධ ජනතාව පාගලා, ඒ පාගන එක අනිත් ජාතීන්ට පෙන්නලා, අපි ජාතිවාදී නොවෙයි කියලා ඔප්පු කරන්නේ ඒක වැරදිලා. ඒක තව විනාඩියක් දෙන්න ගරු කථානායකතුමා. ඒක වැරදිලා. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිව ඔබතුමන්ලාට කියන්නේ කරුණාකරලා දැන්වත් ඇහුම්කන් දෙන්න. මහා සංඝරත්නයේ නායක හාමුදුරුවෝ පෙරටු කොටගෙන නුවර ඉඳන් පාගමන කොළඹට එනවා. ලේකම් කෙනෙක් ගිහිල්ලා කියනවා මාසයෙන් උත්තරයක් දෙන්නම්ලු. නියෝජ්ය කථානායකතුමනි පැහැදිලිවම අපි ඔබතුමන්ලාට කියන්නේ කරුණාකරලා මේ බොරුව නවත්වන්න, බොරුව නවත්වන්න. දැන් කියනවා මේ මේ මම දැක්කා අර අධිකරණ ඇමතිතුමා කියනවා පච්ච ගහන් හිටියා මල්ලිලා නංගිලා, එක්තරා පච්චයක් විතරක් ගැහුවොත් අල්ලනවා, ඒකට පනතක් ඕනේද? සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ආ ඒක අල්ලන්න පුළුවන්නේ. තනිකර මේ මර්ධනයට ඔබතුමන්ලා දැන් අර ඉස්සර තිබ්බා නියෝජ්ය කථානායකතුමනි IRC කියලා, නේද? IRC කියලා අහු වුනහම, IRC කොණ්ඩේ වවන් හිටියොත්, රැවුල වවන් හිටියොත් IRCකාරයා කියලා ගිහින් දානවා. දැන් ඔබතුමන්ලාගේ 80, 89 මේ න්යායපත්රය දැන් ඒක ගෙනැල්ලා ගේන්න හදනවා නීතියක් කරලා. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිව ඔබට කියන්නේ කරුණාකරලා මේ රටේ ජනතාව රවට්ටන්න එපා. මේ රටේ ජනතාව දැවැන්ත ආර්ථික පීඩනයකින් ඉන්නවා, සමාජ පීඩනයකින් ඉන්නවා, ඒ සඳහා අවශ්ය පිළිතුරු දැන්වත් ලබා දෙන්න, ඒ ලබා දෙන්න කටයුතු කරේ නැත්නම් මේ රටේ ජනතාව පාට බහින එකත් නවත්වන්න බැරි වෙයි.
Google AdSense
In-Article Ad

