FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ෂැංග්‍රිලා ඉඩම් ගණුදෙනුවට ජී.එල්. ද ගෑවේ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

එම කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව කොමිසම හමුවට පැමිණි මහාචාර්‍යවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අදාළ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ, තමන් 2010 වසරේ අප්‍රේල් 23 වනදා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ෂැංග්‍රිලා හෝටල් ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඇති කැමැත්ත රජයට නිල වශයෙන් දැනුම් දුන් බවයි. "එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මට පැහැදිලිවම ප්‍රකාශ කළා මෙය රටට ලැබුණු ඉතාම දුර්‍ලභ, වටිනා ආයෝජන අවස්ථාවක් බව. විදේශ අමාත්‍යවරයා ලෙස ඔවුන්ට මෙරටට පැමිණීමට ආරාධනා කරන ලෙස එතුමා මට උපදෙස් දුන්නා. ඒ අනුවයි ඔවුන් ලංකාවට පැමිණ ආයෝජනය කළේ. 2010 පැවති කොළඹ තත්ත්වයත් අද පවතින තත්ත්වයත් සංසන්දනය කර බැලූ විට එමගින් රටට සිදුවූ දැවැන්ත සංවර්‍ධනය ඕනෑම කෙනෙකුට දැකගත හැකියි," යැයි මහාචාර්‍යවරයා පැවසීය. මෙහිදී කිසියම් අක්‍රමිකතාවක් හෝ මූල්‍ය වංචාවක් සිදුව ඇත්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේ, තමන්ට විරුද්ධව කිසිදු අක්‍රමිකතාවක් හෝ දූෂණ චෝදනාවක් නොමැති බව කොමිසමේ නිලධාරීන් තමන්ට පැහැදිලිව ප්‍රකාශ කළ බවයි. එමෙන්ම ආන්දෝලනාත්මක ‘කෘෂ්’ ගනුදෙනුව සමග මෙහි කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඒ පිළිබඳව වචනයක් හෝ සාකච්ඡා නොවූ බවත් හෙතෙම තහවුරු කළේය. යම් වරදක් සිදුව ඇත්නම් විමර්‍ශන පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කිරීම සාධාරණ වුවද, දේශපාලන පළිගැනීම් අරමුණු කරගනිමින් විරුද්ධවාදීන්ගේ මුව වැසීමේ අරමුණින් නීතිය අවභාවිත කිරීමට ඉඩ දිය නොහැකි බවද මහාචාර්‍ය ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad