FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහා යුද්දයකට සැරසේ.. පාකිස්තානයත් සෙබළුන් යවයි..

FM Heart · 2 min read

The Heart Academy
ගල්ෆ් කලාපීය සහ යේමන නිලධාරීන් මෙන්ම බටහිර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්‍ග උපුටා දක්වමින් එම වාර්‍තාව පෙන්වා දෙන්නේ, මෙම පෙරමුණු මෙහෙයුම සඳහා යේමන රජයේ හමුදා භටයින් 100,000කට අධික පිරිසක් සීරුවෙන් තබා ඇති බවයි. සෞදි අරාබියේ සෘජු අධීක්ෂණය සහ ප්‍රබල ගුවන් ප්‍රහාරක සහාය මධ්‍යයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඇමෙරිකාව සහ බටහිර රටවල් මේ සඳහා රියාද් පාලනයට බුද්ධි තොරතුරු සහ යුද ආධාර සැපයුව ද, ඔවුන් සෘජු භූමි සටන් සඳහා එක් නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ. රොයිටර් වාර්‍තාවට අනුව, සෞදි හමුදා සැලසුම්කරුවන් මේ වන විට රතු මුහුද, ඒඩන් බොක්ක සහ ඉන්දියන් සාගරය යා කෙරෙන අතිශය තීරණාත්මක බබ් එල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය අවට වෙරළබඩ කලාපය මෙන්ම මෑතකදී හූතිවරුන් අත්පත් කරගත් මෝකා (Mokha) වරාය සහ පෙරිම් (Perim) දූපත යළි අත්පත් කරගැනීම, අල්-බයිඩා, මාරිබ්, තායිස් සහ අල්-ජව්ෆ් යන පෙරමුණු කිහිපයකින් හූති බලකොටු වෙත එකවර දැවැන්ත ප්‍රහාර එල්ල කිරීම ප්‍රධාන යුද විකල්ප දෙක කෙරෙහි අවධානය යොමු කර ඇත. පසුගිය පැය 24 තුළ සෞදි හමුදා සිය පාලන ප්‍රදේශ වෙත ගුවන් ප්‍රහාර 94ක් එල්ල කරමින් පාසල් සහ රෝහල් ඇතුළු සිවිල් ඉලක්ක වෙත පහර දුන් බව සනා හි පිහිටි හූති රජයේ ප්‍රකාශක ඕමාර් අල්-බුඛයිති ප්‍රකාශ කර තිබේ. මීට පෙර හූතිවරුන් සෞදියේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර එල්ල කළ ද, ඉස්ලාමීය ශුද්ධ නගරයක් වන මදීනාවේ බලාගාරයකට පහර දුන් බවට සෞදිය කරන ප්‍රකාශ සම්පූර්‍ණ අසත්‍යයක් බව ඔවුන් පවසයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අඩාල වීම සහ ඇමෙරිකා-ඉරාන ගැටුම්කාරී වාතාවරණය තීව්‍ර වී ඇති පසුබිමක සෞදි අරාබිය වටා සිටින මිත්‍ර පාර්‍ශ්ව ද සිය ආරක්ෂක සහාය ඉහළ නංවා ඇත. සෞදි ප්‍රහාරක යානාවලට ගුවනේදීම ඉන්ධන පිරවීමේ පහසුකම් ලබා දීමට බ්‍රිතාන්‍යය එකඟ වී ඇති අතර, රතු මුහුද ආශ්‍රිත යාන්බු තෙල් මධ්‍යස්ථානය ආරක්ෂා කිරීමට ප්‍රංශය භට පිරිස්, රේඩාර් සහ ගුවන් ආරක්ෂක පද්ධති යොදවා තිබේ. මීට අමතරව, සෞදි දේශසීමා ආරක්ෂා කිරීමටත්, මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර ව්‍යර්‍ථ කිරීමටත් පාකිස්තානය විසින් සෙබළුන් 30,000 සිට 40,000 දක්වා පිරිසක් සෞදි අරාබියට යොදවා ඇති බව රොයිටර් වාර්‍තාව අනාවරණය කරයි. පාකිස්තාන යුද විශේෂඥයින් සෞදි හමුදා සමඟ එක්ව කටයුතු කළ ද, ඔවුන් යේමන භූමියේ සෘජු සටන් මෙහෙයුම් සඳහා සහභාගී නොවන බවට තීරණය කර ඇත.
99mobile