FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ලක් රජයේ PHP වෙබ් අඩවි වල අනතුරු ඇගවේ!

FM Heart · 2 min read

The Heart Academy
රාජ්‍ය ආයතන සතු වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (Web applications) සංවර්‍ධනය කිරීම සඳහා බහුලව භාවිත කරනු ලබන PHP පරිගණක භාෂා මෘදුකාංගයේ තීරණාත්මක ආරක්ෂක දුර්‍වලතා කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ වහාම අවධානය යොමු කර පිළියම් යොදන ලෙසත් ඩිජිටල් ආර්‍ථික අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ. අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතාගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්‍තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත. CVE-2026-109618 සහ CVE-2026-109619 යන කේත මඟින් හඳුනාගෙන ඇති මෙම බරපතළ ආරක්ෂක සිදුරු හේතුවෙන් රජයේ වෙබ් පද්ධති වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම, සංවේදී රාජ්‍ය දත්ත සොරකම් කිරීම මෙන්ම පද්ධතිවල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි අදාළ චක්‍රලේඛයේ පෙන්වා දී තිබේ. මෑත කාලීනව රාජ්‍ය අංශයේ වෙබ් අඩවි ඉලක්ක කර ගනිමින් එල්ල වන විවිධ සයිබර් ප්‍රහාර සහ දත්ත කාන්දුවීම් සැලකිල්ලට ගනිමින් මෙම පූර්‍ව ආරක්ෂක ක්‍රියාමාර්‍ග ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. 1.මෙම අවදානම් තත්ත්වය කඩිනමින් මඟහරවා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර කිහිපයක් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් දී ඇත. 2.ආයතන තුළ PHP භාවිත වන සියලුම පද්ධති හඳුනාගෙන ඒවායේ ක්‍රියාත්මක සංස්කරණ (Versions) තහවුරු කර ගැනීම. 3.PHP නිල වෙබ් අඩවියේ (https://www.php.net) උපදෙස් අනුව අදාළ මෘදුකාංග ආරක්ෂක පැච් (Software patches) යොදා ගනිමින් පද්ධති වහාම යාවත්කාලීන කිරීම. 4.කිසියම් අසාමාන්‍ය ක්‍රියාකාරකමක් සිදුවන්නේ දැයි නිරීක්ෂණය කිරීම සඳහා පද්ධති පිවිසුම් දත්ත (System logs) නිරන්තර විමර්‍ශනයට ලක් කිරීම. 5.කඩිනමින් යාවත්කාලීන කිරීමට නොහැකි, අධි අවදානම් සහිත පද්ධති පවතී නම් ඒවායේ අන්තර්‍ජාල ප්‍රවේශය සීමා කිරීම හෝ විසන්ධි කිරීම. මීට අමතරව, අදාළ වෙබ් අඩවිවල මෙවැනි දුර්‍වලතා පවතින්නේදැයි පරීක්ෂා කර බැලීම සඳහා ඩිජිටල් ආර්‍ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘GovTech Sri Lanka’ ආයතනය විසින් 'www.govtech.lk/cvesecure' හරහා ආරක්ෂක දුර්‍වලතා අනාවරකයක් (Vulnerability detector) සකස් කර ඇති අතර, තාක්ෂණික සහාය අවශ්‍ය වන්නේ නම් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) හා සම්බන්ධ වීමට වෙබ් අඩවි භාර තාක්ෂණික ශිල්පීන්ට අවස්ථාව ලබා දෙන ලෙස ද රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
99mobile