FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

විහාරමහාදේවියේ විරෝධතාකරුවන්ට අධිකරණයට අපහාස කිරීමේ නඩු පැවරීමට තීරණය කරයි

FM Heart · 1 min read

The Heart Academy
විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ රැදී සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු විරෝධතාකරුවන් විසිරුවා හැරීම සදහා වන නව නියෝගයක් හෙට දිනයේ දී ලබා ගැනීමට පොලිසිය අපේක්ෂා කරන බව වාර්‍තා වේ. විරෝධතාවයට එක්ව සිටින පුද්ගලයන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා ගැනීමටද පොලිසිය කටයුතු කිරීමට නියමිතය. පිහි දෙකක් අතැතිව සිටි පුද්ගලයෙකු- විරෝධතාකරුවන් අතර සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විමර්‍ශන සිදු කරයි. මේ අතර, විහාර මහා දේවි උද්‍යානයෙන් යම කොටසක් අත්පත් කර ගෙන සිටීම සම්බන්ධයෙන්, කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
99mobile