FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අනුරාධපුර ජන රැලියට පෙර නාමල්ට ශ්‍රී ලන්කන් පත්තු වෙයි.. අල්ලස් කොමිසමට ගෙන්නයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මන්ත්‍රීවරයාට 04 දා පෙරවරු 9.00ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අල්ලස් කොමිසම විසින් වට්ස්ඇප් පණිවිඩයක් මගින් ලිඛිතව දැනුම් දී ඇති බව නීතිඥවරයා සඳහන් කළේය. තම සේවාදායකයා එම නියෝගයට අනුව හෙට දින කොමිසම හමුවේ පෙනී සිටීමට එකඟතාව පළ කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මීට පෙර පසුගිය සඳුදා දින කොමිසම හමුවට පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබූ අතර, ඔහු ඊට පසු දින එනම් අඟහරුවාදා පැමිණිය හැකි බව මුලින් දන්වා තිබුණි. කෙසේ වෙතත්, පසුව ඔහුගේ නීතිඥවරයා මගින් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ මෙම මස 25 වනදායින් පසු දිනයක් ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසම, හෙට දිනයේම පෙනී සිටිය යුතු බවට නියෝග කර ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්‍ශනවලට අදාළව මෙම කැඳවීම සිදුකර තිබේ.

Google AdSense

In-Article Ad