FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ග්‍රේග්ලි තේ කර්‍මාන්තශාලාව අසල උණුසුම් තත්ත්වයක්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වතුයායේ තිබූ ගස් කපා විකිණීමෙන් ලැබෙන ලාභයෙන් යම් කොටසක් තමන් වෙත ලබා දෙන බවට ලබා දුන් පොරොන්දුව ඉටු නොකිරීම මෙයට ප්‍රධාන හේතුව වී ඇත. එම මුදල් ලබා නොදී, වතුකම්කරුවන් මුහුණ දෙන කිසිදු ගැටලුවකට විසඳුම් ලබා නොදෙමින් වතු අධිකාරීවරයා රහසිගතව ස්ථාන මාරුවක් ලබා පිටව යාමට සූදානම් වන බවට කම්කරුවෝ චෝදනා කරති. තවද, ගස් ප්‍රවාහනය සඳහා පැමිණි විශාල රථ වාහන හේතුවෙන් වතුයායට ඇතුළු වන ප්‍රධාන මාර්‍ගය දැඩි ලෙස අබලන් වී ඇති අතර, එය ප්‍රතිසංස්කරණය කර දෙන බවට වතු අධිකාරීවරයා වූ පොරොන්දුව ද පැහැර හැර ඇති බව විරෝධතාකරුවෝ පවසති. මෙම ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීමට වතුකම්කරුවන් දිඹුලපතන පොලිසිය වෙත ගිය ද, වතු අධිකාරීවරයා ඇතුළු පාලනාධිකාරිය දන්වා ඇත්තේ හැටන් කම්කරු කාර්‍යාලය වෙත පැමිණ සාකච්ඡා කරන ලෙසයි. කෙසේ වෙතත්, එම යෝජනාව ප්‍රතික්ෂේප කළ වතුකම්කරුවෝ වර්‍ජනය දිගටම පවත්වාගෙන යති. දිඹුලපතන පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ තත්ත්වය නිරාකරණය කිරීමට උත්සාහ කළ ද, තමන් ඉදිරිපත් කරන පැමිණිලි භාර ගැනීමට පොලිසිය කටයුතු නොකරන බවට චෝදනා කරමින් වතුකම්කරුවෝ සිය විරෝධතාව තවදුරටත් ඉදිරියට ගෙන යති.

Google AdSense

In-Article Ad