
පොලීසියේ 160 වන සංවත්සර දිනය අද
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකා පොලිස් සේවයේ 160 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. 1866 සැප්තැම්බර් මස 03 වන දින බි්‍රතාන්‍ය පාලන සමයේදී ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා පොලිසිය, සිය 160 වැනි අභිමානවත් සංවත්සරය මෙවර සමරනු ලබන්නේ මහජනතාව සහ පොලිසිය අතර සන්නිවේදනය හා විශ්වාසය තවදුරටත් වර්‍ධනය කිරීමේ අරමුණින්. මෙවර පොලිස් දින සැමරුම වෙනුවෙන් පොලිස්පතිවරයාගේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා විශේෂ සංවත්සර වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 160 වැනි පොලිස් දිනයට සමගාමීව සංවිධානය කළ විශේෂ පාපැදි සවාරිය දින 03ක් පුරා සාර්‍ථකව පවත්වා අවසන් කෙරුණා. ඊට අමතරව, සංවත්සර සැමරුමේ ප්‍රධාන ප්‍රදර්‍ශනය සැප්තැම්බර් 04 වනදා සිට 06 වනදා දක්වා බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මහජනතාව සඳහා නීතිමය දැනුවත් කිරීම් සහ පොලිස් සේවාවන් පිළිබඳ තොරතුරු කුටි යතුරුපැදි, පැරෂුට්, තුරඟ සහ නිල සුනඛ සංදර්‍ශන සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල රාත්‍රී 07.00 සිට පැවැත්වෙන විශේෂ සංගීත ප්‍රසංග ද ඊට ඇතුළත් වන බවයි වාර්‍තා වන්නේ. දිවයින පුරා පිහිටි සියලුම පොලිස් කොට්ඨාස සහ පොලිස් ස්ථාන මඟින් ද පොලිස් දිනයට සමගාමීව ප්‍රජා සහ සමාජ සේවා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

